පාසල් මිතුරන් කිහිප දෙනෙකුගේ කෙළි දෙලෙන් ගත වුණු සුන්දර අතීතයක් පාදක කොට ගෙන ලියැවෙන සිහින මංසල කතාවට ඔබ සැවොම සාදරයෙන් පිළි ගන්නවා. පාසල් කාලයේ මතකයනුත්, ඉන් ඔබ්බට, යෞවනයන් ලෙසින් විවිධ හැල හැප්පීම් වලට මුහුණ දෙන ආකාරය හා ආදරය, සතුට විඳිනා ආකාරය පදනම් කොට ගත් මෙය හුදෙක් රසාස්වාදනය උදෙසා රචිතයක් බව කරුණාවෙන් සලකන්න.
සිහින මංසල | Part 2
ලිව්වේ | Written By |
Teshan
Labels:
Sinhala Stories
අනික් බුවා තඩියෙක්. නිකම්ම නිකන් තඩියෙක් නෙවේ තප්ප දෝරු ඌරු තඩියෙක්. මුගෙ නම සම්පත්. සම්පත් වුනාට වැඩිපුරම අසම්පත්මයි වුනේ. පොර හිටියෙ කිරිබත්ගොඩත් හද්ද වන්නියේ. මූත් දැන් විශ්ව විද්යාශලයේ. මාත් යන්න ආසාවෙන් හිටිය කොළඹ විශ්ව විද්යාවලය. දෙවෙනි පාර උසස් පෙළ කරලයි ගියේ. හැබැයි මාත් එහෙම කරා නම් මටත් යන්න තිබ්බා කියලා ඔයාල හිතයි. අපෝ එහෙම කළා නම් තිබ්බ ටිකත් වතුරෙ තමයි. මොකද ඉතින් ආයෙත් උත්සාහ කරන්න මට ආසාවක් තිබුනේ නෑ.
අපි තුන් දෙනා තමයි අවුරුදු 4ක් 5ක්ම වාගේ එකම පන්තියේ හිටියේ සාමාන්ය පෙළින් පස්සේ. සම්පතාව නම් මුණ ගැහුනේ ඉස්කෝලෙ අල්ලපු පන්තියේදියි. ඒ මොකද අපි ඒ දවස් වලදි වාණිජ්ය් හා ගිණුම් විශය කරන්න පන්ති මාරු කරනවා. ඒ කීවෙ පන්ති 2ක් එකට දාලයි උගන්නන්නේ. පන්ති දෙකේම ගොඩක් දෙනා මේක කළ නිසා ඒ වේලාවට ඉතින් එක මේසේ දෙන්නා ගානේ දාල වගේ තමයි ඉද ගත්තේ. කවුරු ඉගැන්නුවත් ඒ වෙලාවට අපි කරන කුපාඩි කම් විහිලු උගන්නන කෙනාට නොපෙනෙන අපි කරල පස්සේ මතක් කර කර හිනා වුනා. හිටපු ගුරුවරු බොහෝමයකටම පාහේ නම් හැදුවේ අපි කීවොත් හරි. ප්රාසිද්ධ වුන නමුත් තියෙනව. හැබැයි අපි අතරේ තමයි ඒව පාවිච්චි වුනේ ගොඩක්ම.
අහ්! තව එකෙක්ව අමතක වුනා. තාමත් අපෙ ඇගේ එල්ලිල ඉන්න කරුමයක් තමයි ඌත්. අපේ අනික් යාලුවා. ඌ නමින් අමල්. ඉන්නේ ඉස්කෝලෙ පිටිපස්සෙ. ඉස්කෝලෙන් පස්සෙ කට්ටිය නිතර ආ ගිය තැනක් තමයි මුගේ ගෙදර. ඉස්කෝලෙ නොකරපු පිස්සු වැඩ ටික ඔක්කොම වගේ කරේ මුගේ දිහා තමයි. අපේ රොත්තේ හැමෝම වගේ මෙහේ ඇවිත් ගිහින් ඇති. උගේ අම්මත් අපිත් එක්ක හොඳට කතා බහ කරලා හිටියා යාලුවෙක් වගේ. හැබැයි ගෙදර නම් නිකන් බූත බන්ගලාවක් වගෙයි. එක පාරක් ඕකට බූතයෙකුත් ආවද කොහෙද උගෙ පුන්චි කෙනෙක්ගෙ ඇගේ එල්ලිලා. හැබැයි අපි කරපු පිස්සු මොන්ගල් වැඩ වලට බූතයින්ටත් පිස්සන් කොටු යන්න සිද්ධ වෙන්න ඇති අනිවාර්යෙන්ම.
"ඕයි අන්න මෝහිණී එනවා. මාරයි නේද? නිකන් මේකප් කෝච්චියකට අහු වුන අල ගෙදියක් වගේ. අපේ රූප සුන්දරී. අවිත් ඔන්න පටන් ගනියි, ඔයගොල්ලො මැටි භරණි ඇදන් ආවද? කවුද සීගිරිය ගැන හොද ලිපි ලියන් ආවේ?" වරක මහේශ් කිව්වා මට මතකයි.
මේ මෝහිණී තමයි අපේ සාමන්ය පෙල පන්ති වලට ඉතිහාසයයි සමාජ අධ්යයනය ඉගැන්නුවේ. හැඩරුව ගැන කියනවා නම් සුදුයි, බඩ පේන්න සාරිය අදින, කොට මිස් කෙනෙක්. ටිකක් විතර මහතකුත් තියෙනවා. විශේෂ හැඩයක් නම් නෑ ඉතින්.
"සිහින මංසල" කතාවෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත කතාවක් බවත් සලකන්න.
Make it clear that all the characters and the places mentioned in this story, "Sihina Mansala" are fictitious and a creation.
3 අදහස් | comments:
මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා...
මොකද්ද මල්ලි කෝචිචියට අහුවුන අලහෙදියක් කියන්නේ? :D
aa eka mage upamawak. thama sinhala blog liwillata aluth ne. akuru ehema waradinawa.
පවි අනේ ඔයාලහි බොලද විදියට තමයි හැසිරිලා තියෙන්නේ.
ස්කොලේ වැරැද්ද තමයි. :D
Post a Comment
ඔයාලගේ අදහස් අපිට කියන්න.