එතකොට තමයි දැනෙන්නේ ඉස්කෝලෙ කාලෙ හැමදාම තියෙනවා නම් කොච්චර හොඳයි ද කියලා. පොඩි කාලෙදි ලොකු වෙනකම් දැගලුවට මොකද ලොකු වුනාම ආයෙත් පුංචි කාලෙට යන්න හිතෙන්නෙ ඔයව වගේ දේවල් නිසයි. දැනටත් මට එහෙම හිතුන අවස්ථා ගොඩක් තියෙනවා. ඒ දවස් වල එකට හිටපු හැමෝම අද සී සී කඩ. එකෙක් අල්ල ගනිද්දි අනිකා නෑ. ඉඳලා හිටලා හරි හම්බෙන්න තමයි අපි උත්සාහ කරන්නේ.
ඒ නිවාඩුව මාස 4ක් 5ක් විතර තිබුනා. හැබැයි සාමාන්යු පෙළ පන්තියේ හිටි අයගෙන් වැඩියෙන්ම යාලුකමක් ඇති වුනේ සම්පතුයි, මහේශුයි, අමලුයි මායි අතරෙයි. සම්පත් නම් අල්ලපු පන්තියේ හිටියෙ. වාණිජ්යර ගිණුම් ඉගෙන ගන්න ඒ පන්තියට ගිහින් තමයි අපි යාලු වුනේ. ඊට පස්සේ ඉතින් අර නිවාඩුවෙදි හොඳම යාලුවො ගානටම වැටුනා.
අපි එක එකාගෙ ගෙවල් මාරු කරා. එහෙම කිව්වොත් නිකන් විකාරයක් කියල හිතේවි නේද? නෑ නෑ මම කිව්වෙ අපි එක එකාගෙ ගෙවල් වල ආවා ගියා කියලයි. සමහර වෙලාවට සතියක් විතර නැවතිලා ඉඳලා ආවා. මොකද ඒ කාලෙ ඉස්කෝලෙ කාලෙ වගේ නෙවෙයි නෙ. කට්ටි පැනලා මග අරින්න පන්ති නෑ, කරන්න පාඩමකුත් නෑ නෙ.
ඒ කාලෙ අපේ ගෙවල් වල ලාවට වගේ ඉන්ටර්නෙටුත් තිබුනා. අර කන කැස්බෑව විය සිදුරෙන් අහස බලන්නා වගේ බෝම අමාරුවෙන් කනෙක්ට් වෙන “ඩයල්-අප්” ඉන්ටර්නෙට් තමා තිබුනේ. ඒ දවස් වල නිකන් හරි විශේෂ දෙයක් නෙට් යන්න තියෙන එක. සින්දු ගන්නවා, වීඩියෝසුත් බලනවා. පට්ට කට්ටක් කාලයි ඉවර වෙනකම්ම වීඩියෝ එකක් බලලා ඉවර කර ගන්නේ. ඒ කාලෙ ඒ අතින් හරි සුන්දරයි. දුක් විඳලා ලබා ගත්තු දේලු නේ සුවඳින්, වටිනාකමින් වැඩි.
ඒ කාලෙ ගොඩක් වෙලාවට කරේ කොම්පියුටර් ගේම්ස් ගහපු එකයි. "ඒජ් ඔෆ් එම්පයර්", "හැරී පොටර්", "නීඩ් ෆෝ ස්පීඩ්", "හාෆ් ලයිෆ්" තමයි ගොඩක් ප්රෙසිද්ධ ඒ කාලෙ. ඒ වගේ ගේම් එකක් ගහලා ඉවර කරනව කියන්නෙ හරි නම්බුවක් වගේ තමයි තිබුනේ. මොකද අපි කට්ටියගෙන් ගොඩක් දෙනා කොම්පියුටර් පිස්සෝ හින්දා.
සම්පත්ලගෙ ගෙදර අම්මයි තාත්තයි විතරයි ඉන්නේ. එයාට අක්කලා දෙන්නකුත් ඉදලා තියෙනවා. එයාල බැඳලා දැන් පිට තැන් වලයි ඉන්නේ. උන්ගේ ගෙදර ඉතින් සිද්ධ වෙන ආරවුල් එහෙම අපිත් එක්ක කිව්වා ඒ දවස් වල. කිය කියා කරපු එකම දේ ඉතින් හූල්ල හූල්ලා හිටපු එක තමයි. මොකද එයාට එයාගෙ තාත්තා නිසා ගොඩක් කරදර සිද්ධ වුනා කියල කිව්වා. ඇත්තෙන්ම කියනවා නම් අපේ කෝණයෙන් බැලුවොත් ඒවා කරදර නෙවේ. නිකන් මනස්ගාත විතරයි.