පාසල් මිතුරන් කිහිප දෙනෙකුගේ කෙළි දෙලෙන් ගත වුණු සුන්දර අතීතයක් පාදක කොට ගෙන ලියැවෙන සිහින මංසල කතාවට ඔබ සැවොම සාදරයෙන් පිළි ගන්නවා. පාසල් කාලයේ මතකයනුත්, ඉන් ඔබ්බට, යෞවනයන් ලෙසින් විවිධ හැල හැප්පීම් වලට මුහුණ දෙන ආකාරය හා ආදරය, සතුට විඳිනා ආකාරය පදනම් කොට ගත් මෙය හුදෙක් රසාස්වාදනය උදෙසා රචිතයක් බව කරුණාවෙන් සලකන්න.

සිහින මංසල | Part 14

මේ හැම දෙයක්ම සිද්ධ වුනේ මාස දෙකක් වගේ පුංචි කාලෙකදි. මේ වගේ පොඩි කාලෙකදී අමල් දිනාලිට ගොඩක් ලං වෙලා හිටි බව එදා දිනාලි එහෙ නාපු එකට අමල් ඇඬුව හැටියෙන්ම හිතා ගන්න පුලුවන්.

අමල් මහේශ්ව සැක කරන්න ගත්තාද කියන්නත් බෑ. මොකද අපි ඒ දවස් වල ඉඳන්ම දැනන් හිටි දෙයක් තමයි අපි එක්ක මහේශුත් ගමනක් ගියොත් අපිට දාගන්න තියෙන කෑල්ලක් වුනත් මහේශ්ට වැටෙනවා කියලා අපි හිතන් හිටි එක. ඒක බොරුවක් නෙවෙයි. මහේශ් ගොඩාක් සුහදශීලී කෙනෙක්. ඕනෙම කෙනෙක්ව ලං කර ගන්න දන්නවා කතා බහෙන්ම. ඒක ඉතින් උගේ හැකියාව.

හැබැයි ඕනෙම දෙයක් සිද්ධ වෙන්න තිබුණා නම් ඒක තමන්ගේ යාලුවෙක් වෙනුවෙන් හිතේ තද කරන් ඉන්න තිබුණා නම් අද වෙද්දි ලොකු වෙනස් කම් කීපයක්ම සිද්ධ නොවී තියෙන්නත් තිබුණා.

අපිට කිසිම දෙයක් වෙනස් කරන්න පුලුවන් කමක් නැහැ. ඒත් අපි දැන ගන්න ඕන එකම දේ වෙනස් නොවෙන එකම දේ වෙනස් වීම බව.

ජූනි මාසේ මැද භාගයේදී අමල්ගේ උපන් දිනේ යෙදුනා. අමල් අපි දෙන්නටම ගෙදර එන්නය කියලා ආරධනා කලා. මමත් මහේශ් එක්ක කතා කරලා වෙලාවක් දා ගෙන අමල්ට කිව්වා. හොඳම වැඩේ කියන්නේ එදා දිනාලිටත් එන්නය කියලා තිබුණා. හැබැයි කලින් දා වගේ නෙවෙයි. මේ දවසෙදි නම් අමල්ගේ උපන්දිනේ නිසාමදෝ කොහෙද දිනාලි එන්න පොරොන්දු වුණා. හැබැයි ගෙදරට කැන්දන් එන්න බාර වෙලා තිබුනේ අපේ කුකුල් රජා, මහේශ්ටයි. නරියට කුකුල්ළු බාර දුන්නා වගේ වැඩක් නෙ ඒක. ඒත් අමල් ඔය වගක් හිතුවේ නෑ. යාලුකම වටිනවානෙ කියලා.

ගෙදර අම්මාටත් සැකයක් ඇති නොවෙන්න තමයි මහේශ්ට දිනාලිව එක්කන් එන්න අමල් සැලසුම් කලේ. මොකද අමල්ගේ අම්මාට අමල් කියලා තිබුනේ මහේශ් එන්නේ එයාගේ නෑදෑ නංගි කෙනෙක් එක්කය කියලා. අමල්ගේ අම්මටත් ඉතින් අමල්ට ඉන්න යාලුවන්ව ගොඩාක් විශ්වාස නිසා මහේශ් ගැනත් වරදක් හිතුවේ නැහැ. ඒ නිසා දිනාලිව ගෙදර ගෙන්නන වැඩේ සාර්ථක වුණා.

මහේශුයි අමලුයි අපේ ඉස්කෝලෙ ඉගෙන ගත්තේ 1 වසරේ ඉඳන්මයි. මම නම් ගියේ 6 වසරෙදි නෙ. හැබැයි ඔය දෙන්නාවම මට මුණ ගැහුනේ නෑ සාමාන්‍ය පෙළේදි එකම පන්තියට වැටෙනකම්ම. ඒ නිසා සාමාන්‍ය පෙළ කාලෙ මුල් මාස දෙක තුනේදි මම ඔය දෙන්නාවම අදුරන් නෑ වැඩිය. ඒත් මහේශුයි ජනිදුයි නම් අම්ල්ලගේ දිහා නිතර ආව ගිය කට්ටිය මටත් කලින් ඉඳන්ම. අපේ රොත්තේ හිටි අය හොඳින්ම යාලු වුනේ සාමාන්‍ය පෙළ කාලෙදි 10 වසරෙදි පන්තියෙන් ගියපු විනෝද චාරිකාවක් නිසා. ඒ 2002 මාර්තු මාසේ වගෙයි මට මතක හැටියට. ඒ චාරිකාවෙදි තමා මම මහේශ්ව අඳුන ගත්තේ ගොඩාක්ම.

2 අදහස් | comments:

හා පැටික්කි (MS) said...

හා පැටික්කි අදමයි මේ පැත්තේ ආවෙ ඒත් අහම්බෙන්... කවුරුවත් comment දීල නැති හන්ද පුංචි බයකුත් තියෙනව.
මං වරදක් කරනවනම් සමාවෙන්න....

එක හුස්මට කොටස් 14ම කියෙව්ව..... නවකතා පොතක තනිඋනාද කියලත් හිතුන. අත්දැකීම් මතකය හොඳට එකතු කරල රසවත්ව ලියල තියෙනව. දිගටම ලියන්න.....

හෙළයා said...

මාත් මේක දැක්කේ දැන්. දිගටම ලියමු.

Post a Comment

ඔයාලගේ අදහස් අපිට කියන්න.

"සිහින මංසල" කතාවෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත කතාවක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in this story, "Sihina Mansala" are fictitious and a creation.