පාසල් මිතුරන් කිහිප දෙනෙකුගේ කෙළි දෙලෙන් ගත වුණු සුන්දර අතීතයක් පාදක කොට ගෙන ලියැවෙන සිහින මංසල කතාවට ඔබ සැවොම සාදරයෙන් පිළි ගන්නවා. පාසල් කාලයේ මතකයනුත්, ඉන් ඔබ්බට, යෞවනයන් ලෙසින් විවිධ හැල හැප්පීම් වලට මුහුණ දෙන ආකාරය හා ආදරය, සතුට විඳිනා ආකාරය පදනම් කොට ගත් මෙය හුදෙක් රසාස්වාදනය උදෙසා රචිතයක් බව කරුණාවෙන් සලකන්න.
සිහින මංසල | Part 7
ලිව්වේ | Written By |
Teshan
Labels:
Sinhala Stories
එක එක පවුල් වල එක එක මට්ටමේ මානසිකත්ව නෙ තියෙන්නෙ. අපිත් ඉතින් වෙන කරන්න දෙයක් නැතුවට අහන් හිටියා. අපි කිව්වෙ මමයි මහේශුයි. ගෙදර හිටපු දවස් කීපයෙදි ගොඩක් දේවල් තේරුම් ගන්නත් පුලුවන් වුනා. ඒත් ඒව මෙහෙම කියන්න බෑ. පුලුවන් වෙලාවක පස්සේ කියන්නම්කෝ.
මහේශ්ලගේ වෙනම විදියක්. මෑන්ට ලොකු නිදහසක් තිබුණා ගොඩක් දේවල් වලට. ගොඩක් දේවල් තනියමයි කර ගත්තේ මොකද අම්මයි ආච්චියි නංගියි විතරයි ඌට හිටියෙ. ඒක නිසා ඉතින් ලොකු බරක් ඌට පැටවෙන්න ඇති. මං මුලිනුත් කියන්න ඇති පොර මොරටුව විශ්ව විද්යාරලයේ ඉගෙන ගන්න බව. මොන ප්රලශ්න තිබුණත් ඒ දේවලුත් හරියට කර ගත්තා. ම්ම්... පරස්සාවකුත් නොකරාම නෙවේ. ඒවත් ගානට ෂේප් එකේ කරා. හැබැයි ඒ බව දැනන් හිටියෙ මමයි, අමලුයි, සම්පතුයි විතරමයි. මොකද අපි හොදම යාලුවො වගේ හැම මගුලටම එක එකාගෙ ජීවිතේට හොට දාපු හින්දා.
“එෆ් ටයිම්ස්” පුවත් පතේ ආරම්භක කරුත් මෙයාම තමයි. ඒ තමයි අපි ඉස්කෝලෙදි ජොලියට හදා ගත්තු මනඃකල්පිත ආයතනය. ආයතනයෙ නම පටන් ගන්නේ "එෆ්" වලින්ම නිසා හැමෝටම තේරුම් ගන්න පුලුවන් ඇතිනේ අන්තර්ගතය ගැන. ඒවා ඉතින් ඒ කාලෙ ජොලියට කරපුව. ඒ කාලෙ ලිව්ව ලිපි අදටත් හම්බ වුනාම හිනා යනවා. ශික්!!!! ආයෙත් ඒ කාලෙ එනවා නම්.
මගේ ගෙදර ගැන කියනව නම් ඉස්කෝලෙකටත් අන්තයි. මගේ දැන් වයසෙ හැටියට ලොකු එකෙක් වගේ ඉන්න නොලැබෙන්නෙ අම්මා ටීචර් කෙනෙක් වීම නිසා. ඒ මදිවට උගන්නන්නේ ප්රා ථමික පන්ති වල ළමයින්ට නිසා අපිත් ගෙදරදි ඒ ගානෙන් තමයි හිතාන ඇත්තේ. ඒ හැරුනම තාත්තයි අයියයි තමයි ඉන්නෙ. මොකට හන්ගනවද, අයියා නම් පිස්සු හටනක්. මෙලෝ සිහියක් නෑ.
අපේ ජීවිත වලට ආදරේ කරන්න ගොඩක් වෙලාවට කීප දෙනෙක් එන්න උත්සාහ කලා. මට මතකයි මහේශ්ගෙ හිතේ හිටපු එයා මට කියල තිබුණ කෙල්ලක් ගැන. එයා මගෙත් යාලුවෙක් වුනා පස්සෙ කාලෙකදි. මුහුණු පොතේ (ෆේස්බුක්) පිහිටෙන් අපි කතා කරා. මම හිතන් හිටි හැටියට එයාට ලයින් දැම්මේ මහේශ් විතරයි අපේ අයගෙන්. ඒකට හේතුව ඇයිද කියල පස්සෙ තමයි තේරුනේ මුහුණු පොත (ෆේස්බුක්) නිසා. ඇහැට කනට පේන ලස්සන කෙල්ලෙක් වීම තමයි ඉතින් ඒ.
2003 ඉඳන් 2006 වෙනකම් ම ගත වුනේ මේ වගේ තමයි. ඔය කාලෙදිත් අන්තිම කාලෙදි. ඒ කියන්නේ උසස් පෙළ කරපු කාලෙදි.
“ජම්පින්” කියන්නෙ අපි ප්රි ය කරපුම ගුරුවරියක් ඉස්කෝලෙ හිටපු. උසස් පෙළ අපේ පන්ති භාරව තිබුණේ එයාට තමයි. එයා අපිට උගන්නනවට වඩා අපිව ජොලියෙන් තිබ්බ කිව්වා නම් හරි. එයා විහිලු කරන්නෙ නම් නෑ. ඒ වුනාට එයාගෙ හැසිරීම් රටාව නිසා අපිත් ඒවා අනුකරණය කර කර හිනා වුනා.
"සිහින මංසල" කතාවෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත කතාවක් බවත් සලකන්න.
Make it clear that all the characters and the places mentioned in this story, "Sihina Mansala" are fictitious and a creation.
1 අදහස් | comments:
මොකට හන්ගනවද, අයියා නම් පිස්සු හටනක්. මෙලෝ සිහියක් නෑ
paw oiii. man kiyannam ayyata
Post a Comment
ඔයාලගේ අදහස් අපිට කියන්න.