මහේශ් විතරක්ම නෙවෙයි. ජනිදු, අමල්වත් හොඳින් අඳුර ගත්තේ ඒ චාරිකාවෙදිමයි. රුශාන් ගැන නම් මම මීට කලින් ඉඳන්ම දැනන් හිටියා. ඒ මොකද එයාව මට මුණ ගැහුනේ 7 වසරේදී. එකම පන්තියේත් නෙවෙයි හිටියේ. මොකද ඒ දවස් වලදී මගේ හොඳම යාලුවෙක්ගේ යාලුවෙක් තමා රුශාන්. ඒ යාලුවා හිටියේ මගේ පන්තියේ. ඒත් රුශාන්ව ඌ අඳුරනවා. කොහොම හරි කොම්පියුටර් සම්බන්ධ දේවල් ගැන කතා බහ කරද්දි රුශාන්ව දැන අඳුර ගන්න ලැබුණා.
කොහොමෙන් කොහොම හරි මහේශුයි අමලුයි අතරේ යාලුකම ඒ තරම් දිග කාලෙකට ගිය දෙයක්. එකම ඉස්කෝලෙ, සමහර වෙලාවලට එකම පන්තියේ හිටියත් මේ තරම් ලොකු යාලුකමක් කවදාවත් දෙන්නා අතරේ ඇති නොවන්න ඇති. ඒ කෙසේ වෙතත් මටත් ඒ අතරට එකතු වෙන්න ලැබුණා හොඳම යාලුවෙක් හැටියට.
මාත් මහේශුත් එකටම අමල්ව මුණ ගැහෙන්න ගෙදර යන්න කතා කර ගෙන හිටියත් ඒ ඒ විදියටම කරන්න පුලුවන් කමක් තිබුනේ නැහැ. ඒ මහේශ්ට විශේෂ වැඩක් යෙදිල තිබුණ නිසා. ඒ දිනාලිව එක්කර ගෙන එන එක. මුලින් මහේශ් එක්ක කතා කර ගත් වෙලාවට මට අමල්ලගේ ගෙදරට එන්න පුලුවන් කම ලැබුණා. මම ඇවිත් පැයක් යනතුරුත් ඒ දෙදෙනා ආවෙ නැහැ. ඒ ගැන අමල්ටත් එතරම්ම ගානක් වුනෙත් නැහැ. ඉතින් අපි ආගිය තොරතුරුත්, වල් පල් එහෙමත් කියව කියව කාලේ ගත කරා.
අමල් මේ අතරතුරේදී මහේශ්ට කතා කරා. කෝල් එක අරන් බැලුවා තාම කොඉ හරියෙද ඉන්නේ කියලා දෙන්නම. ඒත් මහේශ් ඒ වෙද්දිත් දිනාලිව මුණ ගැහිල තිබුනේ නෑ. මොකද මහේශ් කියන්නේ වෙලාවට වැඩ නොකරන එකෙක් නිසා. කියපු වෙලාවට පැයකට විතර පස්සෙ තමයි පොර එන්නෙ. දෙන්නා තවම හමු වෙලා නැති නිසා අමල් කෝල් එක විසන්ධි කරලා මාත් එක්ක සුපුරුදු කතා බහට වැටුණා. විනාඩෛ 15කින් විතර අමල්ගේ කෝල් ෆෝන් එකට ඇමතුමක් ආවා. ඒ වෙන කාගෙන්වත් නෙවෙයි දිනාලිගෙන්. හැබැයි ආන්සර් කරේ මහේශ්. අමල් මහේශයට හොදවයින් ටිකක් කිව්වා විහිලුවෙන් වගේ.
"ඉක්මණට වරෙන් යකෝ තෝ හැමදාම පරක්කු වෙනවා ගමනක් යන්න ගියාම. ඕකිවත් එක්කන් වරෙන් විගහට. අපි කතා කරන්නේ එහෙම නැද්ද? වරෙන් ඉක්මණට".
"හරි බං හරි හරි අපි මේ දැනුයි සෙට් වුනේ. මේ එන ගමන් තමයි යකෝ කෝල් කරෙ. කට පියන් දැන් තියහන් ෆෝන් එක ගොනා වගේ." මහේශ් විහිලුවෙන්ම කීවා.
"දියන් ටිකක් දිනාලිට".
"හිටහන් ඉතින්…, දිනූ මෙන්න අරූ කතා කරනවා".
"හලෝ දිනූ ඔය කුපාඩියත් එක්ක පරිස්සමින් එන්නකෝ ඉක්මණට".
"ඕකේ අමල් තව පැය බාගයක්වත් යාවි. එන්නම්කෝ. බායි".