පාසල් මිතුරන් කිහිප දෙනෙකුගේ කෙළි දෙලෙන් ගත වුණු සුන්දර අතීතයක් පාදක කොට ගෙන ලියැවෙන සිහින මංසල කතාවට ඔබ සැවොම සාදරයෙන් පිළි ගන්නවා. පාසල් කාලයේ මතකයනුත්, ඉන් ඔබ්බට, යෞවනයන් ලෙසින් විවිධ හැල හැප්පීම් වලට මුහුණ දෙන ආකාරය හා ආදරය, සතුට විඳිනා ආකාරය පදනම් කොට ගත් මෙය හුදෙක් රසාස්වාදනය උදෙසා රචිතයක් බව කරුණාවෙන් සලකන්න.

සිහින මංසල | Part 8

එයාට පෙන්නන්නම බැරි භෞතික වස්තු වුනේ කලු ලෑල්ලයි හුණු චෝක් කෑලියි. භෞතික විද්යා්ව ඉගෙන ගන්න අපි හරියට ගියේ උපකාරක පන්ති වලට වුනාට, ඉස්කෝලෙ තමයි නියම උපකාරක පන්තිය තිබුනේ. නිකන් රිවිෂන් කරනවා වගේ. ඒ ඉතින් අපි ගොඩාක් ආදරේ කරපු ජම්පින් මිස් නිසා තමා.

මහේශ් තමා එයාට ගොඩාක්ම ආදරේ කරේ. එයත් මහේශ්ට නිකන් අනම් මනම් බැලුම් දානවා වගේ අපිටත් දැනුනා. ඒ වුනාට ඉතින් නියම අයිතිකාරයා ඒ දේවල් අපිත් එක්ක කියනවා නෙ. නියම අයිතිකාරය කිව්වෙ මහේශ්. ජම්පින් මිස් ගොඩක් තරුණ කෙනෙක්. අනික බැඳලවත් තිබුනෙ නෑ. හැබැයි ඒ අතරතුර කාලෙදි තමයි කසාද බැන්දෙත්. ඔය සිද්ධියටත් ළමයි නොකීව කතාවක් නෑ. එක අතකට පව්. කවුරුත් නෙවේ බැන්ද මිනිහා.

මහේශ්ගෙ හිතේ හිටපු අපිට නොකීව තව කෙනෙක්ද දන් නෑ ජම්පින් මිස්. හැබැයි ඔන්න එතනින් එහාට අපි නම් මුකුත් දන්නේ නෑ.

ඔය කාලෙදිම තමයි සම්පත්ගෙ භෞතික විද්යා්ව පන්තියේ කෙල්ලෙක් අපේ ජීවිත වලට එකතු වුනේ. ඒ කෙල්ල තමයි කලින් කියපු මහේශ්ගෙ හිතේ හිටි කෙනා. අපේ "එෆ් ටයිම්ස්" පුවත් පතේ ලිපි එයත් කියෙව්ව කෙනෙක්. සම්පත් තමා ඒවා එයාට සැපයුවේ. කොහොම හරි රශ්මි, ඒ කීවේ අර කෙල්ලට මහේශ් ගැන දැන ගන්න ලැබුනා. පස්සෙ දෙන්න කවි ලියන්න ගත්තා. මහේශ් ලියන කවි වලට රශ්මි උත්තර දෙනවා කවියෙන්ම. හැබැයි කඩ්ඩෙන්, සම්භාව්ය කුණුහරුපෙන්.

පස්සේ මහේශ් ගියා නිකන් ටෙස්ටින් ඉගෙන ගැනීමකට සම්පත්ගේ භෞතික විද්යාසව පන්තියට දවසකට දෙකකට. එතෙන්දි තමයි මහේශ් ඒකිව හරියටම දැක්කේ. මාත් වතාවක් ඒ කාලෙ කැළණිය විශ්ව විද්යායලයේ තිබුණ ප්රේදර්ශනේකට සම්පත් එක්ක ගියාම ඒකිව දැක්කා. හැබැයි ඒ කාලෙ නම් සාමාන්යය පාටයි. ඒත් දැන් නම් මාරම ලස්සනයි. හැම දෙයක්ම වගේ... ඒත් ඉතින් අපිට කොහෙන්ද බළලො මාලු කීවලු.

ඒකිව මට තියා මහේශ්ටවත් යාලු කර ගන්න හම්බ වුනේ නෑ. මහේශ්ට ඒ කාලෙ ඒ ගැන වැඩි උනන්දුවකුත් තිබුනෙ නෑ. හැබැයි ඒකිගෙයි මුගෙයි හිත් වල එකිනෙකා ගැන අදහස් තිබුන කියල නම් මායි සම්පතුයි දන්නවා.

රශ්මි ගැන පස්සෙ පස්සේ නරක ආරංචි ගොඩාක් දැන ගන්න ලැබුනා. අපේ ඕප කෝච්චිය සම්පත් තමයි ඔය විස්තර අපිට කීවෙ. රශ්මිට ඒ කාලෙදි කොල්ලො කීප දෙනෙක්ම ඉඳලා තියෙනවා. කෙල්ලත් හැඩ නිසා කොල්ලො ඇදෙන එක අහන්නත් දෙයක් යැ? යොෂිත් කියල කොල්ලෙක් එක්ක තමා ඒ දවස් වල හුටපටයක් තිබිල තියෙන්නෙ. කොටින්ම ලංකාවෙ ඉන්නත් බැරි වෙන තත්වයක් කියල තමයි සම්පත් අපිට කීවෙ.

0 අදහස් | comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට කියන්න.

"සිහින මංසල" කතාවෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත කතාවක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in this story, "Sihina Mansala" are fictitious and a creation.