පාසල් මිතුරන් කිහිප දෙනෙකුගේ කෙළි දෙලෙන් ගත වුණු සුන්දර අතීතයක් පාදක කොට ගෙන ලියැවෙන සිහින මංසල කතාවට ඔබ සැවොම සාදරයෙන් පිළි ගන්නවා. පාසල් කාලයේ මතකයනුත්, ඉන් ඔබ්බට, යෞවනයන් ලෙසින් විවිධ හැල හැප්පීම් වලට මුහුණ දෙන ආකාරය හා ආදරය, සතුට විඳිනා ආකාරය පදනම් කොට ගත් මෙය හුදෙක් රසාස්වාදනය උදෙසා රචිතයක් බව කරුණාවෙන් සලකන්න.

සිහින මංසල | Part 1

මම ශනිත්. මම ගැන කියනවා නම් ඉතින් මෙච්චරයි කියල කියන්න බෑ. මොකද මේ මගේම කතාව නොවෙන නිසා. ඒ මොක වුනත් මම මේ කියන්න යන කතාව අපි හැමෝටම වැදගත් වෙන්නත් පුලුවන්. මම ගැන කෙටියෙන් කියනවා නම් මම ඉගෙන ගත්තේ කොලඹ ප්රාධාන පාසලක. ඒ කාලෙ ගැන කියනවා නම් ඉතින් කියලා වැඩක් නෑ. මොකද ඒ තරම් සුන්දර කාලයක් ආයෙත් කොහෙන් කියල අපිට ලැබෙන්නද? ඒකට ඔයාලත් එකඟ වෙනවා ඇති අනිවාර්යෙන්ම.

මම මුලින්ම මේ පාසලට ආවෙ 5 වසර ශිෂ්යත්වෙ සමත් වෙලයි. එදා ඉදන් දක්ෂ ගුරු කැලකගෙන් ඉගෙන ගෙන සාමන්ය පෙල දක්වාම එන්න පුලුවන් කම ලැබුනා. එ අතරතුර කාලෙ නම් එච්චරම වැදගත් වුනේ නැත්තේ මුණ ගැහුන යාලුවොත් එක්ක මහා ලොකු විනෝදයක් නොතිබුන නිසා වෙන්න පුලුවන්. එත් 10 වසරට ආවට පස්සෙ තමයි හොදම යාලුවො කණ්ඩායම මට මුණ ගැහුනේ. ඒ ගැන නම් කියලා වැඩක් නෑ. මට මුණ ගැහුන දක්ෂම පොරවල් ටික මට හම්බුනේ මේ කාලෙදියි. ඒ කණ්ඩායමත් එක්ක තියෙන යාලුකම තාමත් එහෙමමයි.

කවුරු කොහොම උගත් වුනත්, නූනත් අපි හැමෝම වගේ සතුටෙන් විනෝදෙන්, හිටපු කාලෙ ගත කරා කරන්න පුලුවන් උපරිමයෙන්ම විහිලු කරල, සෙල්ලම් කරල. ඒ වගේමයි පන්තියට ආව ගොඩක් ගුරුවරුන්ගේ හිත දිනා ගත්තු කණ්ඩායම වුනේත් අපි කට්ටියම තමයි. ඒ කාලෙ මතක් වෙනකොටත් ආසාවෙ බෑ. දැන් ඉතින් සමහරු විශ්ව විද්යාරල වලට ගිහින් අපි එක්ක වැඩි කතාවකුත් නෑ. එත් ඒ අමතක වෙලා නම් නෙවේ. වැඩ වැඩි කමටයි.

බකට්, පන්දම් අල්ලන්න නම් අපේ කණ්ඩායමේ උපන් හපන් කම තිබ්බේ මහේශ්ටයි. පස්සේ කාලෙකදි මගේ හොදම යාලුවා වුනෙත් මහේශ්ම තමයි. කොහේ ගියත් බකට් එක පිටි පස්සෙන්ම එල්ලන් තමයි ඉස්කෝලෙ වටේම ගියේ. ඒ නිසා අපිට නම් ලේසියෙන් ගුරුවරුන්ගේ හිත් දිනා ගන්න අමාරු වුනා. අපි හිත් දින්නේ වැඩ පෙන්නලම තමයි. අපි හමෝම ඉතින් දක්ෂ කණ්ඩායමක් වගේ එකටම හිටි නිසාදෝ මන්දා අමුතුවෙන් බක්ට් අල්ලන්න උවමනාවක් තිබුනෙ නෑ.

මහේශ් ගැන කියනව නම් පොර පදිංචි වෙලා ඉන්නේ ගල්කිස්සේ. අපිත් එක්ක එකම පන්තියේ ඉගෙන ගෙන දැන් අපිට වඩා හොද තැනක ඉන්නවා. මිනිහ ගියේ මොරටු විශ්ව විද්යානලයේ තොරතුරු තාක්ෂණ පීඨයට. පොරත් එක්කම මාත් ඒකේ තෝරා ගැනීමේ විභාගයට ගියාට මගේ ලකුණු විතරක් නෙවේ z ලකුණුත් මදි වෙන්න ඇති ඉතින්. මක් කොරන්නද නේද?

0 අදහස් | comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට කියන්න.

"සිහින මංසල" කතාවෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත කතාවක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in this story, "Sihina Mansala" are fictitious and a creation.