පාසල් මිතුරන් කිහිප දෙනෙකුගේ කෙළි දෙලෙන් ගත වුණු සුන්දර අතීතයක් පාදක කොට ගෙන ලියැවෙන සිහින මංසල කතාවට ඔබ සැවොම සාදරයෙන් පිළි ගන්නවා. පාසල් කාලයේ මතකයනුත්, ඉන් ඔබ්බට, යෞවනයන් ලෙසින් විවිධ හැල හැප්පීම් වලට මුහුණ දෙන ආකාරය හා ආදරය, සතුට විඳිනා ආකාරය පදනම් කොට ගත් මෙය හුදෙක් රසාස්වාදනය උදෙසා රචිතයක් බව කරුණාවෙන් සලකන්න.

සිහින මංසල | Part 12

ඔහොම ගිහින් දෙන්නා මුණ ගැහුනා. මම නෙවෙයි, අමලුයි දිනාලියි. අමල්ගෙ නම් හිතේ හිටි කෙනාවමද කොහෙද දිනාලි කියන්නෙත්, ඒත් ඒක ඒ විදියටමද දිනාලිටත් දැනුනෙ කියල කියන්න නම් මම දන් නෑ. ඒක අපි පස්සේ තීරණය කරමු. අමල් ඒ දවස් වල අපිට කෝල් කර කර විස්තර කියනවා. එයත් එක්ක අරහේ ගියා මෙහේ ගියා, අරවා ගත්තා මේවා ගත්තා කියල. ඇඳන් හිටි ඇඳුම් පැලඳුම් පවා විස්තර කරා. අපිත් ඒ වෙද්දි දිනාලිව දැකලා තිබුණේ නැති නිසා දෙන්නා කොච්චර ගැලපෙනවද කියල තේරුමක් තිබුනේ නෑ.

අමල් කියපු විදියට නම් දිනාලි ගොඩාක් ලස්සන, ලස්සන හැඩයක් එකක් තිබුන කෙල්ලෙක්. ඒක එහෙම වුනා නම් ඉතින් හොඳා. අපිත් ඉතින් හිතෙන් මවන් හිටියෙ එහෙම කෙනෙක් තමයි.

අමල් දිනාලි එක්ක බෙදා ගත්තේ මොන වගේ දේවල්ද කියල නම් දන්නේ නැහැ. ඒත් අමල් දන්නා කාලෙකදි බලපු හොඳම චිත්රගපටය බලල තියෙන්නේ දිනාලිත් එක්ක. ඒ "තාරා රම් පම්" කියන හින්දි චිත්රගපටයයි. පොර තවමත් ඒ චිත්රකපටය බලද්දි දැනුන හැඟීම් ගැන අපි එක්ක කියනවා. විශේෂයෙන්ම ඒකෙ තියෙන සිංදු අහද්දි, ඇහෙද්දි තමයි ඒ ගැන මතක් කරන්නේ.

අමල් මට කියලා තියෙන හැටියට දෙන්නා අතරේ කිසි දෙයක් තිබිලා නැහැ හොඳ වෙලාවට. ඒක එක අතකට හොඳයි. මොකද දිනාලි ගැන මගේ හිතේ තිබුණ සැකය ගැන මගේ හිත මට නිතර වද කරා ඒ ගැන අමල්ට කියන්නය කියලා. ඒත් අමල්ගේ හිත රිදේවි කියලා නොකියා ඉන්න මම තීරණය කරලයි තිබුනේ.

චිත්රිපටි බලලා රවුම් ගහලා ශොපින් කරලා ගෙවල් දොරවල් වලට ගියාට පස්සෙත් දෙන්නගෙ මල් කැඩීම නතර වුනේ නැහැ.

ඔය අතරෙදි අමල් දවසක් දිනාලිට අමල්ගෙ ගෙදරට එන්න ආරධනා කරා. වෙන මොකකටවත් නෙවෙයි ගෙදර අයට අඳුන්නලා දෙන්න. විශේෂයෙන් මුලින්ම අම්මට. මේකටත් අමල් ලොකු සැලැස්මක් හදලයි තිබුණේ. අදුරන් නැති කෙල්ලෙක් ගෙදරට ගේන්න හේතුවකුත් තියෙන්න එපැයි. අමල් කීවෙ ටියුශන් පන්තියේ යාලුවෙක් කියලයි. ඒත් ඒකි එනවයි කියල කලින් සැලසුම් කරපු දවසෙ ඒකි එන්න අකමැති වුනා. ඔන්න ඔය අවස්ථාවෙදියි මම මුලින්ම දිනාලි එක්ක කතා කරේ අමල් වෙනුවෙන් අමල්ගෙ ඉල්ලීමතම. ඒත් මේකි එන්න බෑම කිව්වා. මොනා කරන්නද ඉතින්. අමල් කර බාගෙන දුකින් එදා හිටියා. මට මතක හැටියට අපිත් එක්ක කියවා කිය්වා ඇඬුවා.

මාත් මහේශුත් සුපුරුදු දුක්ගන්නාරාළ කමේ නිරත වුනා. අපේ හිත යටිනුත් එක සතුටක් තිබ්බා ඒ වගේම මායි මහේශ්හුයි තනියම විහිලු කරා අමල් නැති වෙලාවට "මේ වගෙ කලු එකෙක්ටත් ලස්සන කෙල්ලො හම්බ වෙනවනෙ" කියලා. ඒක අපේ හිත් වල ඇති වුණු පොඩි ඊර්ශ්යාසවක් වෙන්න ඇති.

0 අදහස් | comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට කියන්න.

"සිහින මංසල" කතාවෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත කතාවක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in this story, "Sihina Mansala" are fictitious and a creation.