පාසල් මිතුරන් කිහිප දෙනෙකුගේ කෙළි දෙලෙන් ගත වුණු සුන්දර අතීතයක් පාදක කොට ගෙන ලියැවෙන සිහින මංසල කතාවට ඔබ සැවොම සාදරයෙන් පිළි ගන්නවා. පාසල් කාලයේ මතකයනුත්, ඉන් ඔබ්බට, යෞවනයන් ලෙසින් විවිධ හැල හැප්පීම් වලට මුහුණ දෙන ආකාරය හා ආදරය, සතුට විඳිනා ආකාරය පදනම් කොට ගත් මෙය හුදෙක් රසාස්වාදනය උදෙසා රචිතයක් බව කරුණාවෙන් සලකන්න.

සිහින මංසල | Part 15

මහේශ් විතරක්ම නෙවෙයි. ජනිදු, අමල්වත් හොඳින් අඳුර ගත්තේ ඒ චාරිකාවෙදිමයි. රුශාන් ගැන නම් මම මීට කලින් ඉඳන්ම දැනන් හිටියා. ඒ මොකද එයාව මට මුණ ගැහුනේ 7 වසරේදී. එකම පන්තියේත් නෙවෙයි හිටියේ. මොකද ඒ දවස් වලදී මගේ හොඳම යාලුවෙක්ගේ යාලුවෙක් තමා රුශාන්. ඒ යාලුවා හිටියේ මගේ පන්තියේ. ඒත් රුශාන්ව ඌ අඳුරනවා. කොහොම හරි කොම්පියුටර් සම්බන්ධ දේවල් ගැන කතා බහ කරද්දි රුශාන්ව දැන අඳුර ගන්න ලැබුණා. 

කොහොමෙන් කොහොම හරි මහේශුයි අමලුයි අතරේ යාලුකම ඒ තරම් දිග කාලෙකට ගිය දෙයක්. එකම ඉස්කෝලෙ, සමහර වෙලාවලට එකම පන්තියේ හිටියත් මේ තරම් ලොකු යාලුකමක් කවදාවත් දෙන්නා අතරේ ඇති නොවන්න ඇති. ඒ කෙසේ වෙතත් මටත් ඒ අතරට එකතු වෙන්න ලැබුණා හොඳම යාලුවෙක් හැටියට.

මාත් මහේශුත් එකටම අමල්ව මුණ ගැහෙන්න ගෙදර යන්න කතා කර ගෙන හිටියත් ඒ ඒ විදියටම කරන්න පුලුවන් කමක් තිබුනේ නැහැ. ඒ මහේශ්ට විශේෂ වැඩක් යෙදිල තිබුණ නිසා. ඒ දිනාලිව එක්කර ගෙන එන එක. මුලින් මහේශ් එක්ක කතා කර ගත් වෙලාවට මට අමල්ලගේ ගෙදරට එන්න පුලුවන් කම ලැබුණා. මම ඇවිත් පැයක් යනතුරුත් ඒ දෙදෙනා ආවෙ නැහැ. ඒ ගැන අමල්ටත් එතරම්ම ගානක් වුනෙත් නැහැ. ඉතින් අපි ආගිය තොරතුරුත්, වල් පල් එහෙමත් කියව කියව කාලේ ගත කරා.

අමල් මේ අතරතුරේදී මහේශ්ට කතා කරා. කෝල් එක අරන් බැලුවා තාම කොඉ හරියෙද ඉන්නේ කියලා දෙන්නම. ඒත් මහේශ් ඒ වෙද්දිත් දිනාලිව මුණ ගැහිල තිබුනේ නෑ. මොකද මහේශ් කියන්නේ වෙලාවට වැඩ නොකරන එකෙක් නිසා. කියපු වෙලාවට පැයකට විතර පස්සෙ තමයි පොර එන්නෙ. දෙන්නා තවම හමු වෙලා නැති නිසා අමල් කෝල් එක විසන්ධි කරලා මාත් එක්ක සුපුරුදු කතා බහට වැටුණා. විනාඩෛ 15කින් විතර අමල්ගේ කෝල් ෆෝන් එකට ඇමතුමක් ආවා. ඒ වෙන කාගෙන්වත් නෙවෙයි දිනාලිගෙන්. හැබැයි ආන්සර් කරේ මහේශ්. අමල් මහේශයට හොදවයින් ටිකක් කිව්වා විහිලුවෙන් වගේ. 

"ඉක්මණට වරෙන් යකෝ තෝ හැමදාම පරක්කු වෙනවා ගමනක් යන්න ගියාම. ඕකිවත් එක්කන් වරෙන් විගහට. අපි කතා කරන්නේ එහෙම නැද්ද? වරෙන් ඉක්මණට".

"හරි බං හරි හරි අපි මේ දැනුයි සෙට් වුනේ. මේ එන ගමන් තමයි යකෝ කෝල් කරෙ. කට පියන් දැන් තියහන් ෆෝන් එක ගොනා වගේ." මහේශ් විහිලුවෙන්ම කීවා. 
"දියන් ටිකක් දිනාලිට". 

"හිටහන් ඉතින්…, දිනූ මෙන්න අරූ කතා කරනවා". 
"හලෝ දිනූ ඔය කුපාඩියත් එක්ක පරිස්සමින් එන්නකෝ ඉක්මණට".
"ඕකේ අමල් තව පැය බාගයක්වත් යාවි. එන්නම්කෝ. බායි".

සිහින මංසල | Part 14

මේ හැම දෙයක්ම සිද්ධ වුනේ මාස දෙකක් වගේ පුංචි කාලෙකදි. මේ වගේ පොඩි කාලෙකදී අමල් දිනාලිට ගොඩක් ලං වෙලා හිටි බව එදා දිනාලි එහෙ නාපු එකට අමල් ඇඬුව හැටියෙන්ම හිතා ගන්න පුලුවන්.

අමල් මහේශ්ව සැක කරන්න ගත්තාද කියන්නත් බෑ. මොකද අපි ඒ දවස් වල ඉඳන්ම දැනන් හිටි දෙයක් තමයි අපි එක්ක මහේශුත් ගමනක් ගියොත් අපිට දාගන්න තියෙන කෑල්ලක් වුනත් මහේශ්ට වැටෙනවා කියලා අපි හිතන් හිටි එක. ඒක බොරුවක් නෙවෙයි. මහේශ් ගොඩාක් සුහදශීලී කෙනෙක්. ඕනෙම කෙනෙක්ව ලං කර ගන්න දන්නවා කතා බහෙන්ම. ඒක ඉතින් උගේ හැකියාව.

හැබැයි ඕනෙම දෙයක් සිද්ධ වෙන්න තිබුණා නම් ඒක තමන්ගේ යාලුවෙක් වෙනුවෙන් හිතේ තද කරන් ඉන්න තිබුණා නම් අද වෙද්දි ලොකු වෙනස් කම් කීපයක්ම සිද්ධ නොවී තියෙන්නත් තිබුණා.

අපිට කිසිම දෙයක් වෙනස් කරන්න පුලුවන් කමක් නැහැ. ඒත් අපි දැන ගන්න ඕන එකම දේ වෙනස් නොවෙන එකම දේ වෙනස් වීම බව.

ජූනි මාසේ මැද භාගයේදී අමල්ගේ උපන් දිනේ යෙදුනා. අමල් අපි දෙන්නටම ගෙදර එන්නය කියලා ආරධනා කලා. මමත් මහේශ් එක්ක කතා කරලා වෙලාවක් දා ගෙන අමල්ට කිව්වා. හොඳම වැඩේ කියන්නේ එදා දිනාලිටත් එන්නය කියලා තිබුණා. හැබැයි කලින් දා වගේ නෙවෙයි. මේ දවසෙදි නම් අමල්ගේ උපන්දිනේ නිසාමදෝ කොහෙද දිනාලි එන්න පොරොන්දු වුණා. හැබැයි ගෙදරට කැන්දන් එන්න බාර වෙලා තිබුනේ අපේ කුකුල් රජා, මහේශ්ටයි. නරියට කුකුල්ළු බාර දුන්නා වගේ වැඩක් නෙ ඒක. ඒත් අමල් ඔය වගක් හිතුවේ නෑ. යාලුකම වටිනවානෙ කියලා.

ගෙදර අම්මාටත් සැකයක් ඇති නොවෙන්න තමයි මහේශ්ට දිනාලිව එක්කන් එන්න අමල් සැලසුම් කලේ. මොකද අමල්ගේ අම්මාට අමල් කියලා තිබුනේ මහේශ් එන්නේ එයාගේ නෑදෑ නංගි කෙනෙක් එක්කය කියලා. අමල්ගේ අම්මටත් ඉතින් අමල්ට ඉන්න යාලුවන්ව ගොඩාක් විශ්වාස නිසා මහේශ් ගැනත් වරදක් හිතුවේ නැහැ. ඒ නිසා දිනාලිව ගෙදර ගෙන්නන වැඩේ සාර්ථක වුණා.

මහේශුයි අමලුයි අපේ ඉස්කෝලෙ ඉගෙන ගත්තේ 1 වසරේ ඉඳන්මයි. මම නම් ගියේ 6 වසරෙදි නෙ. හැබැයි ඔය දෙන්නාවම මට මුණ ගැහුනේ නෑ සාමාන්‍ය පෙළේදි එකම පන්තියට වැටෙනකම්ම. ඒ නිසා සාමාන්‍ය පෙළ කාලෙ මුල් මාස දෙක තුනේදි මම ඔය දෙන්නාවම අදුරන් නෑ වැඩිය. ඒත් මහේශුයි ජනිදුයි නම් අම්ල්ලගේ දිහා නිතර ආව ගිය කට්ටිය මටත් කලින් ඉඳන්ම. අපේ රොත්තේ හිටි අය හොඳින්ම යාලු වුනේ සාමාන්‍ය පෙළ කාලෙදි 10 වසරෙදි පන්තියෙන් ගියපු විනෝද චාරිකාවක් නිසා. ඒ 2002 මාර්තු මාසේ වගෙයි මට මතක හැටියට. ඒ චාරිකාවෙදි තමා මම මහේශ්ව අඳුන ගත්තේ ගොඩාක්ම.

සිහින මංසල | Part 13

දිනාලි අමල් එක්ක තිබුණ සම්බන්ධතාවෙ ටිකෙන් ටික අඩු කරන්න පටන් අරගෙන කියලා තේරුනේ දිනාලිට මහේශ්ව මුණ ගැහුණට පස්සේ. අමල්ගේ ගෙදර එන එක පවා වෙනස් වුනේ ඒ හේතුව හින්දාම වෙන්න ඇති. මොකද ඒ ගමනට කලින් අමලුයි මහේශුයි දිනාලිව මුණ ගැහෙන්න දිනාලිගේ වැඩ පලට ගියා. ඒ සෙනසුරාදා දවසක්. එදා එතන වැඩි දෙනෙක් ඉඳලා නෑ. ඒ නිසා අමල් තනියම ගියත් ලොකු රහස්යස දේවල් වුනත් දෙන්නට කරගන්න ඉඩක් කඩක් තිබුණා. ඒ තරමටම නිස්කලංකයි සති අන්ත දවස් වලට ඒ ආයතනය. ඒ වුනාට එතරම්ම දෙයක් කරගන්න තරම් ලොකූ සම්බන්ධයක් ඒ දෙන්නා අතරේ තිබුනේ නෑ. නමුත් අමල් බොක්කෙන්ම දිනාලිට ආදරේ කලා.

මතක හැටියට ඒ ජූනි මාසේ මුල් භාගේ. ඔය කිව්වා වගේම දෙන්නා ගියා දිනාලිව මුණ ගැහෙන්න. මහේශ්ව මේ ගමනට සම්බන්ධ කර ගන්න අමල්ට සිද්ධ වුනේ මහේශ්ගේ ඉල්ලීමත්, අමල් මහේශ්ව ගොඩාක් කිට්ටුවෙන් ආශ්ර්ය කල නිසාත්.

අමල් මහේශ්ව ටවුන්හෝල් වලදි මුණ ගැහිලා දෙන්නත් එක්කම දිනාලිව මුණ ගැහෙන්න ගියා එදා. හිතුවාටත් වඩා කට්ටිය සුහදව කතා බහ කරල හිටියා. ඒත් අමල් එච්චර කතාවක් කලේ නැහැ. මොකද මහේශ් හිටි නිසා. මහේශ් නම් දිනාලි එක්ක විහිලු තහලු කර කර කතා බහ කර කර හිටියා. දිනාලිත් වැඩ කරන අතරතුරේදිම ඒ කතා බහට එකතු වෙලා කාලෙ ගත කරා ඒ විදියට. මහේශ් දිනාලිට මුල ඉඳලම කැමැත්තෙන් හිටි බව මම කීවනෙ. ඒත් ඒ කට හඬ අහලා විතරයි. සමහර විට මේක මහේශ්ට හොඳ අවස්ථාවක් වෙන්න ඉඩ තිබුණා අමල් නොහිටියා නම් වචනයක් දාන්න.

හිතන හැම දේම ඉෂ්ට වෙන්නෙත් නැහැනේ. ඒ වුනාට අපි නොදන්න, අමල්ටත් නොතේරුණ වෙනසක් දිනාලිගෙත්, මහේශ්ගෙත් සිද්ධ වෙමින් තිබුණා. ඒ බව මම තේරුම් ගත්තේ දිනාලි මාත් එක්ක කතා කරද්දි කියපු දේවල් වලින්. 

අමල්ගෙ දිහා දිනාලි එන්නේ නැතුව මම ඒ ප්රිශ්නෙට සම්බන්ධ වුණු වෙලාවෙ ඉදන් දවස් දෙක තුනක් යනකම්ම අපි කතා කරා. ඒ වෙලාවෙදි දිනාලිගෙ වැඩේම මහේශ්ව වර්ණනා කරපු එකයි. “මහේශ් හරිම හොඳ කෙනෙක්, හොඳට මිනිස්සුන්ව තේරුම් ගන්න පුලුවන් කෙනෙක්” කියලා එහෙම කියද්දි ඕනෙම බූරුවෙක්ට තේරුම් ගන්න පුලුවන් නේ මොකාටද එන්නේ කියලා. මාත් ඒ වගේ බූරුවෙක් තමා.

අමල්ගෙ ගෙදර දිනාලි එන්නත් කලින්මනෙ මහේශ් අමල් එක්ක ගිහින් දිනාල්ව මුණ ගැහුනේ. ඔය අතර තුරේදී දිනාලිගේ හිත මහේශ් ගාවට ඇදුනාදෝ කියලා මට හිතෙනවා දිනාලි අමල්ගේ දිහා ආපු නැති එකට. ඒත් ඉස්සරහට මොනවායෙන් මොනවා වේවිද කියල කාටද කියන්න පුලුවන්?

සිහින මංසල | Part 12

ඔහොම ගිහින් දෙන්නා මුණ ගැහුනා. මම නෙවෙයි, අමලුයි දිනාලියි. අමල්ගෙ නම් හිතේ හිටි කෙනාවමද කොහෙද දිනාලි කියන්නෙත්, ඒත් ඒක ඒ විදියටමද දිනාලිටත් දැනුනෙ කියල කියන්න නම් මම දන් නෑ. ඒක අපි පස්සේ තීරණය කරමු. අමල් ඒ දවස් වල අපිට කෝල් කර කර විස්තර කියනවා. එයත් එක්ක අරහේ ගියා මෙහේ ගියා, අරවා ගත්තා මේවා ගත්තා කියල. ඇඳන් හිටි ඇඳුම් පැලඳුම් පවා විස්තර කරා. අපිත් ඒ වෙද්දි දිනාලිව දැකලා තිබුණේ නැති නිසා දෙන්නා කොච්චර ගැලපෙනවද කියල තේරුමක් තිබුනේ නෑ.

අමල් කියපු විදියට නම් දිනාලි ගොඩාක් ලස්සන, ලස්සන හැඩයක් එකක් තිබුන කෙල්ලෙක්. ඒක එහෙම වුනා නම් ඉතින් හොඳා. අපිත් ඉතින් හිතෙන් මවන් හිටියෙ එහෙම කෙනෙක් තමයි.

අමල් දිනාලි එක්ක බෙදා ගත්තේ මොන වගේ දේවල්ද කියල නම් දන්නේ නැහැ. ඒත් අමල් දන්නා කාලෙකදි බලපු හොඳම චිත්රගපටය බලල තියෙන්නේ දිනාලිත් එක්ක. ඒ "තාරා රම් පම්" කියන හින්දි චිත්රගපටයයි. පොර තවමත් ඒ චිත්රකපටය බලද්දි දැනුන හැඟීම් ගැන අපි එක්ක කියනවා. විශේෂයෙන්ම ඒකෙ තියෙන සිංදු අහද්දි, ඇහෙද්දි තමයි ඒ ගැන මතක් කරන්නේ.

අමල් මට කියලා තියෙන හැටියට දෙන්නා අතරේ කිසි දෙයක් තිබිලා නැහැ හොඳ වෙලාවට. ඒක එක අතකට හොඳයි. මොකද දිනාලි ගැන මගේ හිතේ තිබුණ සැකය ගැන මගේ හිත මට නිතර වද කරා ඒ ගැන අමල්ට කියන්නය කියලා. ඒත් අමල්ගේ හිත රිදේවි කියලා නොකියා ඉන්න මම තීරණය කරලයි තිබුනේ.

චිත්රිපටි බලලා රවුම් ගහලා ශොපින් කරලා ගෙවල් දොරවල් වලට ගියාට පස්සෙත් දෙන්නගෙ මල් කැඩීම නතර වුනේ නැහැ.

ඔය අතරෙදි අමල් දවසක් දිනාලිට අමල්ගෙ ගෙදරට එන්න ආරධනා කරා. වෙන මොකකටවත් නෙවෙයි ගෙදර අයට අඳුන්නලා දෙන්න. විශේෂයෙන් මුලින්ම අම්මට. මේකටත් අමල් ලොකු සැලැස්මක් හදලයි තිබුණේ. අදුරන් නැති කෙල්ලෙක් ගෙදරට ගේන්න හේතුවකුත් තියෙන්න එපැයි. අමල් කීවෙ ටියුශන් පන්තියේ යාලුවෙක් කියලයි. ඒත් ඒකි එනවයි කියල කලින් සැලසුම් කරපු දවසෙ ඒකි එන්න අකමැති වුනා. ඔන්න ඔය අවස්ථාවෙදියි මම මුලින්ම දිනාලි එක්ක කතා කරේ අමල් වෙනුවෙන් අමල්ගෙ ඉල්ලීමතම. ඒත් මේකි එන්න බෑම කිව්වා. මොනා කරන්නද ඉතින්. අමල් කර බාගෙන දුකින් එදා හිටියා. මට මතක හැටියට අපිත් එක්ක කියවා කිය්වා ඇඬුවා.

මාත් මහේශුත් සුපුරුදු දුක්ගන්නාරාළ කමේ නිරත වුනා. අපේ හිත යටිනුත් එක සතුටක් තිබ්බා ඒ වගේම මායි මහේශ්හුයි තනියම විහිලු කරා අමල් නැති වෙලාවට "මේ වගෙ කලු එකෙක්ටත් ලස්සන කෙල්ලො හම්බ වෙනවනෙ" කියලා. ඒක අපේ හිත් වල ඇති වුණු පොඩි ඊර්ශ්යාසවක් වෙන්න ඇති.

සිහින මංසල | Part 11

අරකිගෙන් අමල්ගේ මොබයිල් ෆෝන් එකට නිතර කෝල්ස් එන්න ගත්තා. අමලුත් මේකි එක්ක කතා කරලා ගොඩාක් හොඳ යාලුකමක් ඇති කර ගත්තා. හැබැයි හම්බ වෙන්න ගියේ නෑ මුල්ම දවස් වලදි. නමින් කීවොත් ඒ කෙල්ල "දිනාලි". දිනාලි වෙන්න ඇති අමල්ගෙ ජීවිතේට ටික කාලෙකට හරි සතුටක් ගෙනාපු එකම කෙල්ල ඒ වෙද්දි. එහෙම කීවට අමල්ට දැන් ඉන්නවා තව කෙල්ලෙක් පණ ඇරපු. ඒ ගැන පස්සේ කියන්නම්කෝ.

දිනාලියි අමලුයි අතරෙ ෆෝන් එකට විතරක් සීමා වුනු කතා බහ ආදරේකටත් පෙරලෙමිනුයි තිබුනේ. දිනාලිට වඩා අමල් දිනාලි ගැන බලාපොරොත්තු ඇති කරන් හිටියෙ. මම දන්න තරමට දිනාලිගේ කටහඩට වගේම කතා බහ කරන විලාසෙනුත් ඒ වගේ හැඟීමක් ඇති වෙනවා. ඒක මම අත්දැකීමෙන්මයි කියන්නෙ. මොකද දිනාලි පස්සේ මගෙත්, මහේශ්ගෙත් යාලුවෙක් වුනා අමල්ගෙත් කෑල්ල වෙච්ච හේතුව නිසා. මා එක්කත් කීප විටක්ම කතා කරල තියෙනවා උන් දෙන්නගේ ප්රාශ්න විසදන්න ගිහින්.

දිනාලි වැඩ කරපු කෙල්ලක්. ඒ කීවෙ රස්සාවක් කරන කෙනෙක්. වැඩ කලේ ප්රසධාන ෆිනෑන්ස් ආයතනයක. අමල් දිනාලි ගැන බලාපොරොත්තු තියන් හිටියේ දිනාලිත් අමල්ට හිතේ කොනකින් හරි කැමැත්තක් තිබුන හින්දයි. සමහර විට එකිනෙකාව දැකල නොතිබුන නිසා දිනාලිත් හිතෙන් අමල්ගෙ කටහඩට ආදරේ කරා. දෙන්න මාසයක් විතර ෆෝන් එකෙන් නෙ මල් කැඩුවේ. අන්න ඒ හේතුව තමයි මේ හැම ප්රයශ්නෙටම මුල.

හැබැයි මාත් එක්ක දිනාලි කතා කරපු හැම අවස්ථාවකදීම මට තේරුනා දිනාලි කියන්නෙ පස්සෙ කාලෙකදි ලොකු ප්රෙශ්න ගොඩකට හේතු වෙන කෙනෙක් කියලා. ඒ එයා එයාගෙ දිහාවට අපේ හිත ඇදිලා යන විදියට හැම වෙලාවකම කතා කරන හින්දා.

ඕනෙම කොල්ලෙක්ට එහෙම අඩුපාඩුවක් තියෙනවා නෙ කෙල්ලන්ගෙ පොඩි පොඩි අඟර දඟරෙටත් ඇදිල යන. අන්න ඒ අඩුපාඩුව මටත්, අමල්ටත්, මහේශ්ටත් තිබුනා.

මේ කෙල්ලගෙ යටි කූට්ටු අදහසක් තිබුනාදෝ කියලත් මට හිතුනා. නිකන් දෙතුන් දෙනෙක් හිටියාට වරදක් නෑ වගේ.! මුලින්ම දිනාලියි මායි කතා කරේ අමල් මට දිනාලි ගැන ටිකක් හොයලා බලන්නය කියලා එයාගෙ නොම්බරේ දීපු වෙලාවෙදි. ඒ එයා කතා කරේ නාඳුනන කෙනෙක් විදියට නෙ. ඔය අවස්ථාවෙදි ඉඳන්ම කතා කල හැම වෙලාවකදිම දිනාලි ගාවට මගේ හිතත් ඇදිලා ගියා වගෙම සැකේකුත් පහල වුනා.

ඒත් අමල්ගෙ හිතේ කැමැත්තක් තිබුන එකී නිසා මම ඒ දේවල් හිතේ හංග ගෙන හිටියා. ඒ බව අදටත් අමල් දන්නේ නෑ. හැබැයි මහේශ් නම් දන්නවා. ඒ දැන ගත්තේ කොහොමද කියල පසුවට කීවම හොඳයි කියල මම හිතනවා.

සිහින මංසල | Part 10

අපේ අමල් ආයෙමත් විභාගයක් අසමත් වුනා. වෙන අලුත් විභාගයක් නෙවෙයි, උසස් පෙළ. සුපුරුදු පරිදි මායි මහේශුයි තමයි දුක්ගන්නාරාල කම කරේ මාසයක් විතරම. කලින් කියපු ලොකු බලපෑමට හේතු වුනේ අමල්ගෙ විභාග අසමත් වීම නෙවේ. වෙනම හේතුවක්.

උසස් පෙළ විභාගෙන් අවුරුද්දකට විතර පස්සෙ සිද්ධ වුණු සිද්ධියක් නිසා මහේශ්, මායි, අමල් එක්කයි තිබුණ යාලු කම ගොඩක් අඩු වුනා. ඒ මහේශ් විශ්ව විද්යාළලයට තේරුණ හින්දම නෙවෙයි. ඒකත් එක අතකින් උදව්වක් වුණා එහෙම වෙන්න. මොකද මොරටු විශ්ව විද්යාවලය කියන්නේ ලේසි පහසු තැනක් නෙවේ නෙ. මහේශ්ව විශ්ව විද්යා්ලයට තේරිලා වැඩි කාලයක් ගත වෙලා තිබුනෙ නැහැ මේ කතාවෙ පටන් ගැන්ම සිද්ධ වෙද්දි. ඒත් මේ කතාව ඉවර වෙද්දි නම් මහේශ්ගෙ විශ්ව විද්යාශලෙ අවුරුදු වලින් 2 කටත් වඩා ගත වෙලා තිබුණා.

මේ 2007 අවුරුද්දෙ මැද හරියක් මතක හැටියට. අමල් එයාගෙ උසස් පෙළ දෙවෙනි වතාවට කරන කාලෙ. මූ මුල් වතාවෙදි ඉස්කෝලෙදි කරේ කලා විශයන්. හැබැයි ඒ කාලෙදි ටියුශන් ගියේ ජීව විද්යාතව වලට. වැඩි උනන්දුවක් තිබුනේ වෛද්යි අංශය පැත්තෙන් ඉගෙන ගෙන ඉදිරියටම යන්න නිසා. හැබැයි පොර ඒත් එක්කම සාත්තු හා හෙද වෛද්යග අංශයේ පාඨමාලාවකුත් කරා. ඒ නිසා න්'ර්සින් සම්බන්ධ දේවල් පොරට ඉගෙන ගන්න පුලුවන් වුණා.

හදිසියෙම අමල්ගෙ මොබයිල් ෆෝන් එකට කෙල්ලෙක්ගෙන් නිර්නාමික ඇමතුම් එන්න පටන් ගත්තා. ඒකි ඇහුවාම කියන්නේ නම් ඉන්ටර්නෙට් එකෙන් නොම්බරේ හම්බ වුනා කියලලු. මේ සිද්ධිය සම්බන්ධයෙන් සැක කරන්න පුලුවන් කීප දෙනෙක්ම හිටියා. ඒත් හරි හමන් සාක්ශියකුත් නැතුව සැක කරල අහන්නත් බැහැ නෙ. එකෙක් තමයි සම්පත්. අමල් නම් සම්පත්ට වැඩි කැමැත්තක් නෑ. සම්පතුත් අමල් ගැන වැඩි පැහැදීමකින් නෙවෙයි හිටියෙ. ඒ නිසාම වෙන්න ඇති එහෙම හිතෙන්න ඇත්තේ. තව ඉතින් පොඩි පොඩි හුට පට තිබුන කෙල්ලො තමා.

අමල්ට සම්පත්ව නුරුස්සන ගතියක් පෙනුනෙ සම්පත්ගෙ බොලඳ ගතිගුණයි හැසිරීමයි නිසා. අනික සම්පත් ටිකක් ආත්මාර්ථකාමි පොරක් වගේ ඌට පෙනුන නිසා. ඒත් මම දන්න තරමින් නම් සම්පත්ට අමල්ගෙන් සිද්ධ වුනු වරදක් නම් නෑ අමල්ගෙ නොම්බරේ ඉන්ටර්නෙට් එකේ දාන්න තරම්.

මොන දේ වුනත් අමල්ට නරකක්ම වුනේ නෑ සිද්ධිය හින්දා. අහම්බෙන් හරි කතා කරපු කෙල්ලෙක් වුනාට අමල්ගෙ හිතෙත් පොඩි කැමැත්තක් ඇති වුනා. අමල්ට ලේසියෙන් කෙල්ලෙක් වැටුන් නෑ ඒ කාලෙදි. පොර කලු නිසා වෙන්නත් ඇති නිකන් කලු කුමාරයා වගේ තනි කලු හින්දා. කලු වුනත් කං කලුයි කියලයි ඌම ඌ ගැන කියා ගත්තේ. එක අතකට ඒක බොරුත් නෙවෙයි ඌ කියපු කතා වලට අපිට හිනා ගිය හැටියට. ඒ තරමටම ජොලි පොර. හැබැයි ඉතින් කුණුහරුප මල්ල. ඒ හින්දාමද කොහෙද අපිට ජොලි වුනේ ඌව ආශ්රහය කිරීම.

සිහින මංසල | Part 9

හැබැයි පස්සෙ කාලෙකදි මම ම රශ්මි එක්ක මුහුණු පොතේදි (ෆේස්බුක්) වලින් කතා කරද්දි දැන ගත්තා ඒ කතාවල් ගොඩක් බොරු බව. ඒත් ඇත්ත කීවෙ සම්පත් ද, රශ්මිද කියල නම් මං දන් නෑ. නිකන් මොකටද අනුන්ගේ කුණු අවුස්සන්නේ? සම්පත් සමහර විට අතින් පයින් වැඩිපුර දාල රට වටේ පැතිරෙව්වද දන් නෑ ඒකි බඩ වෙලා කියලා. කොහොම හරි ඒ සිද්ධියත් එතනින් ඉවර වුණා.

මහේශ් තාමත් කැමති රශ්මි වගේ කෙල්ලෙක්ට කියල මට තේරෙනව දැන් දැන් ඌව ආයෙමත් ආශ්ර ය කරද්දි. ඒකි ගොඩාක් විවෘත කෙල්ලක්. දැක්කම ඕනෙම කොල්ලෙක්ගෙ හිත ඇදෙනවා. මොඩලින් කරන කෙනෙක් වගේ පෙනුම තියෙන කෙල්ලොන්ට තමයි මහේශ් වැඩියෙන්ම කැමති. අනික තමා හොඳ තත්වයක් තියෙන එකියක් වෙන්නත් ඕනෙ. 

හැබැයි ඉතින් ආදරේ කරන්න ඔය කිසි දෙයක් නම් ඕනෙ වෙන්නෙ නැහැ ඉතින්. නම්බුකාරකම්, සල්ලි, ලස්සන හැමදාම නැහැනේ. කාමරේ ඇඳ උඩට සීමා වුණු ආදරයකින් කිසි වැඩකුත් නැහැ නෙ. 

මහේශ් වගේ කෙනෙක්ගෙ හිත කොහොම වැඩ කරනවද කියල නම් කියන්න අමාරුයි. දැන් නම් වෙනස් වෙලා පොර. එහෙම කිව්වෙ ඒ කාලෙදි රශ්මි ගැන එච්චර උනන්දුවක් නොතිබුනයි කියල මම කීවනෙ. ඒත් අපිට හිතෙන හැටියට නම් රශ්මි වගේ කෙනෙක් මහේශ්ට ගැලපෙන් නෑ. ඒක රශ්මිත් පිළි ගත්තා මාත් එක්ක මේ ලඟකදි කතා කරපු වෙලාවෙදි. හැබැයි මහේශ් නම් ඕනෙ වෙලාවක භාර ගන්න දැන් නම් ලෑස්ති පිට ඉන්නව. ඒත් ඉතින් මහේශ්ට එක්කෙනෙක්ගෙන් නම් සෑහීමකට පත් වෙන්න පුලුවන් කමක් ලැබෙයිද කියල තමා විශ්වාසයක් නැත්තේ. මුණ ගැහුණම කියන කතා වලදිත් ඉන්ටර්නෙට් එකෙන් කෝල් අරන් කියන කතා වලිනුත් තේරෙන්නෙ මහේශ්ට දැන් මඳ කිපුනු කාලෙ කියල තමයි.

මේ දේවල් සිද්ධ වුනේ අහම්බෙන් වගේ. ඒ අපි කවුරුත් නොහිතපු විදියට හැම දේම වෙනස් වුනා. විශේෂයෙන්ම එකට හිටි යාලුවෝ අතරෙ පොඩි පොඩි ප්රදශ්න ඇති වුනා. ඒත් කාලයත් එක්කම ඒ හැම දේම යථා තත්වෙට පත් වුනා. ඉස්කෝලෙ කාලෙදි තිබුන සතුට හැමදාම එකම විදියෙන් තියෙයි කියල කාටද කියන්න පුලුවන්? ඒත් අපි හිතන පතන, බලාපොරොත්තු වෙන හැම දෙයක්ම ඒ විදියෙන්ම සිද්ධ වෙන්නෙ නැහැ නෙ.

උසස් පෙළින් පස්සෙ සිද්ධ වුණු ගොඩාක් දේවල් වල බලපෑම අපි දෙතුන් දෙනාට ගොඩාක් බල පෑවා. ඒ මොකද කියනවා නම් එක්කෙනෙක්ගෙ ජීවිතේ සිද්ධ වුණු ලොකු පසුබෑමක් නිසා අනික් අයටත් යම් තාක් දුරකට කණස්සල්ලෙන් ගෙවන්න සිද්ධ වුනා.

සිහින මංසල | Part 8

එයාට පෙන්නන්නම බැරි භෞතික වස්තු වුනේ කලු ලෑල්ලයි හුණු චෝක් කෑලියි. භෞතික විද්යා්ව ඉගෙන ගන්න අපි හරියට ගියේ උපකාරක පන්ති වලට වුනාට, ඉස්කෝලෙ තමයි නියම උපකාරක පන්තිය තිබුනේ. නිකන් රිවිෂන් කරනවා වගේ. ඒ ඉතින් අපි ගොඩාක් ආදරේ කරපු ජම්පින් මිස් නිසා තමා.

මහේශ් තමා එයාට ගොඩාක්ම ආදරේ කරේ. එයත් මහේශ්ට නිකන් අනම් මනම් බැලුම් දානවා වගේ අපිටත් දැනුනා. ඒ වුනාට ඉතින් නියම අයිතිකාරයා ඒ දේවල් අපිත් එක්ක කියනවා නෙ. නියම අයිතිකාරය කිව්වෙ මහේශ්. ජම්පින් මිස් ගොඩක් තරුණ කෙනෙක්. අනික බැඳලවත් තිබුනෙ නෑ. හැබැයි ඒ අතරතුර කාලෙදි තමයි කසාද බැන්දෙත්. ඔය සිද්ධියටත් ළමයි නොකීව කතාවක් නෑ. එක අතකට පව්. කවුරුත් නෙවේ බැන්ද මිනිහා.

මහේශ්ගෙ හිතේ හිටපු අපිට නොකීව තව කෙනෙක්ද දන් නෑ ජම්පින් මිස්. හැබැයි ඔන්න එතනින් එහාට අපි නම් මුකුත් දන්නේ නෑ.

ඔය කාලෙදිම තමයි සම්පත්ගෙ භෞතික විද්යා්ව පන්තියේ කෙල්ලෙක් අපේ ජීවිත වලට එකතු වුනේ. ඒ කෙල්ල තමයි කලින් කියපු මහේශ්ගෙ හිතේ හිටි කෙනා. අපේ "එෆ් ටයිම්ස්" පුවත් පතේ ලිපි එයත් කියෙව්ව කෙනෙක්. සම්පත් තමා ඒවා එයාට සැපයුවේ. කොහොම හරි රශ්මි, ඒ කීවේ අර කෙල්ලට මහේශ් ගැන දැන ගන්න ලැබුනා. පස්සෙ දෙන්න කවි ලියන්න ගත්තා. මහේශ් ලියන කවි වලට රශ්මි උත්තර දෙනවා කවියෙන්ම. හැබැයි කඩ්ඩෙන්, සම්භාව්ය කුණුහරුපෙන්.

පස්සේ මහේශ් ගියා නිකන් ටෙස්ටින් ඉගෙන ගැනීමකට සම්පත්ගේ භෞතික විද්යාසව පන්තියට දවසකට දෙකකට. එතෙන්දි තමයි මහේශ් ඒකිව හරියටම දැක්කේ. මාත් වතාවක් ඒ කාලෙ කැළණිය විශ්ව විද්යායලයේ තිබුණ ප්රේදර්ශනේකට සම්පත් එක්ක ගියාම ඒකිව දැක්කා. හැබැයි ඒ කාලෙ නම් සාමාන්යය පාටයි. ඒත් දැන් නම් මාරම ලස්සනයි. හැම දෙයක්ම වගේ... ඒත් ඉතින් අපිට කොහෙන්ද බළලො මාලු කීවලු.

ඒකිව මට තියා මහේශ්ටවත් යාලු කර ගන්න හම්බ වුනේ නෑ. මහේශ්ට ඒ කාලෙ ඒ ගැන වැඩි උනන්දුවකුත් තිබුනෙ නෑ. හැබැයි ඒකිගෙයි මුගෙයි හිත් වල එකිනෙකා ගැන අදහස් තිබුන කියල නම් මායි සම්පතුයි දන්නවා.

රශ්මි ගැන පස්සෙ පස්සේ නරක ආරංචි ගොඩාක් දැන ගන්න ලැබුනා. අපේ ඕප කෝච්චිය සම්පත් තමයි ඔය විස්තර අපිට කීවෙ. රශ්මිට ඒ කාලෙදි කොල්ලො කීප දෙනෙක්ම ඉඳලා තියෙනවා. කෙල්ලත් හැඩ නිසා කොල්ලො ඇදෙන එක අහන්නත් දෙයක් යැ? යොෂිත් කියල කොල්ලෙක් එක්ක තමා ඒ දවස් වල හුටපටයක් තිබිල තියෙන්නෙ. කොටින්ම ලංකාවෙ ඉන්නත් බැරි වෙන තත්වයක් කියල තමයි සම්පත් අපිට කීවෙ.

සිහින මංසල | Part 7

එක එක පවුල් වල එක එක මට්ටමේ මානසිකත්ව නෙ තියෙන්නෙ. අපිත් ඉතින් වෙන කරන්න දෙයක් නැතුවට අහන් හිටියා. අපි කිව්වෙ මමයි මහේශුයි. ගෙදර හිටපු දවස් කීපයෙදි ගොඩක් දේවල් තේරුම් ගන්නත් පුලුවන් වුනා. ඒත් ඒව මෙහෙම කියන්න බෑ. පුලුවන් වෙලාවක පස්සේ කියන්නම්කෝ.

මහේශ්ලගේ වෙනම විදියක්. මෑන්ට ලොකු නිදහසක් තිබුණා ගොඩක් දේවල් වලට. ගොඩක් දේවල් තනියමයි කර ගත්තේ මොකද අම්මයි ආච්චියි නංගියි විතරයි ඌට හිටියෙ. ඒක නිසා ඉතින් ලොකු බරක් ඌට පැටවෙන්න ඇති. මං මුලිනුත් කියන්න ඇති පොර මොරටුව විශ්ව විද්යාරලයේ ඉගෙන ගන්න බව. මොන ප්රලශ්න තිබුණත් ඒ දේවලුත් හරියට කර ගත්තා. ම්ම්... පරස්සාවකුත් නොකරාම නෙවේ. ඒවත් ගානට ෂේප් එකේ කරා. හැබැයි ඒ බව දැනන් හිටියෙ මමයි, අමලුයි, සම්පතුයි විතරමයි. මොකද අපි හොදම යාලුවො වගේ හැම මගුලටම එක එකාගෙ ජීවිතේට හොට දාපු හින්දා.

“එෆ් ටයිම්ස්” පුවත් පතේ ආරම්භක කරුත් මෙයාම තමයි. ඒ තමයි අපි ඉස්කෝලෙදි ජොලියට හදා ගත්තු මනඃකල්පිත ආයතනය. ආයතනයෙ නම පටන් ගන්නේ "එෆ්" වලින්ම නිසා හැමෝටම තේරුම් ගන්න පුලුවන් ඇතිනේ අන්තර්ගතය ගැන. ඒවා ඉතින් ඒ කාලෙ ජොලියට කරපුව. ඒ කාලෙ ලිව්ව ලිපි අදටත් හම්බ වුනාම හිනා යනවා. ශික්!!!! ආයෙත් ඒ කාලෙ එනවා නම්.

මගේ ගෙදර ගැන කියනව නම් ඉස්කෝලෙකටත් අන්තයි. මගේ දැන් වයසෙ හැටියට ලොකු එකෙක් වගේ ඉන්න නොලැබෙන්නෙ අම්මා ටීචර් කෙනෙක් වීම නිසා. ඒ මදිවට උගන්නන්නේ ප්රා ථමික පන්ති වල ළමයින්ට නිසා අපිත් ගෙදරදි ඒ ගානෙන් තමයි හිතාන ඇත්තේ. ඒ හැරුනම තාත්තයි අයියයි තමයි ඉන්නෙ. මොකට හන්ගනවද, අයියා නම් පිස්සු හටනක්. මෙලෝ සිහියක් නෑ.

අපේ ජීවිත වලට ආදරේ කරන්න ගොඩක් වෙලාවට කීප දෙනෙක් එන්න උත්සාහ කලා. මට මතකයි මහේශ්ගෙ හිතේ හිටපු එයා මට කියල තිබුණ කෙල්ලක් ගැන. එයා මගෙත් යාලුවෙක් වුනා පස්සෙ කාලෙකදි. මුහුණු පොතේ (ෆේස්බුක්) පිහිටෙන් අපි කතා කරා. මම හිතන් හිටි හැටියට එයාට ලයින් දැම්මේ මහේශ් විතරයි අපේ අයගෙන්. ඒකට හේතුව ඇයිද කියල පස්සෙ තමයි තේරුනේ මුහුණු පොත (ෆේස්බුක්) නිසා. ඇහැට කනට පේන ලස්සන කෙල්ලෙක් වීම තමයි ඉතින් ඒ.

2003 ඉඳන් 2006 වෙනකම් ම ගත වුනේ මේ වගේ තමයි. ඔය කාලෙදිත් අන්තිම කාලෙදි. ඒ කියන්නේ උසස් පෙළ කරපු කාලෙදි.

“ජම්පින්” කියන්නෙ අපි ප්රි ය කරපුම ගුරුවරියක් ඉස්කෝලෙ හිටපු. උසස් පෙළ අපේ පන්ති භාරව තිබුණේ එයාට තමයි. එයා අපිට උගන්නනවට වඩා අපිව ජොලියෙන් තිබ්බ කිව්වා නම් හරි. එයා විහිලු කරන්නෙ නම් නෑ. ඒ වුනාට එයාගෙ හැසිරීම් රටාව නිසා අපිත් ඒවා අනුකරණය කර කර හිනා වුනා.

සිහින මංසල | Part 6

එතකොට තමයි දැනෙන්නේ ඉස්කෝලෙ කාලෙ හැමදාම තියෙනවා නම් කොච්චර හොඳයි ද කියලා. පොඩි කාලෙදි ලොකු වෙනකම් දැගලුවට මොකද ලොකු වුනාම ආයෙත් පුංචි කාලෙට යන්න හිතෙන්නෙ ඔයව වගේ දේවල් නිසයි. දැනටත් මට එහෙම හිතුන අවස්ථා ගොඩක් තියෙනවා. ඒ දවස් වල එකට හිටපු හැමෝම අද සී සී කඩ. එකෙක් අල්ල ගනිද්දි අනිකා නෑ. ඉඳලා හිටලා හරි හම්බෙන්න තමයි අපි උත්සාහ කරන්නේ.

ඒ නිවාඩුව මාස 4ක් 5ක් විතර තිබුනා. හැබැයි සාමාන්යු පෙළ පන්තියේ හිටි අයගෙන් වැඩියෙන්ම යාලුකමක් ඇති වුනේ සම්පතුයි, මහේශුයි, අමලුයි මායි අතරෙයි. සම්පත් නම් අල්ලපු පන්තියේ හිටියෙ. වාණිජ්යර ගිණුම් ඉගෙන ගන්න ඒ පන්තියට ගිහින් තමයි අපි යාලු වුනේ. ඊට පස්සේ ඉතින් අර නිවාඩුවෙදි හොඳම යාලුවො ගානටම වැටුනා. 

අපි එක එකාගෙ ගෙවල් මාරු කරා. එහෙම කිව්වොත් නිකන් විකාරයක් කියල හිතේවි නේද? නෑ නෑ මම කිව්වෙ අපි එක එකාගෙ ගෙවල් වල ආවා ගියා කියලයි. සමහර වෙලාවට සතියක් විතර නැවතිලා ඉඳලා ආවා. මොකද ඒ කාලෙ ඉස්කෝලෙ කාලෙ වගේ නෙවෙයි නෙ. කට්ටි පැනලා මග අරින්න පන්ති නෑ, කරන්න පාඩමකුත් නෑ නෙ. 

ඒ කාලෙ අපේ ගෙවල් වල ලාවට වගේ ඉන්ටර්නෙටුත් තිබුනා. අර කන කැස්බෑව විය සිදුරෙන් අහස බලන්නා වගේ බෝම අමාරුවෙන් කනෙක්ට් වෙන “ඩයල්-අප්” ඉන්ටර්නෙට් තමා තිබුනේ. ඒ දවස් වල නිකන් හරි විශේෂ දෙයක් නෙට් යන්න තියෙන එක. සින්දු ගන්නවා, වීඩියෝසුත් බලනවා. පට්ට කට්ටක් කාලයි ඉවර වෙනකම්ම වීඩියෝ එකක් බලලා ඉවර කර ගන්නේ. ඒ කාලෙ ඒ අතින් හරි සුන්දරයි. දුක් විඳලා ලබා ගත්තු දේලු නේ සුවඳින්, වටිනාකමින් වැඩි.

ඒ කාලෙ ගොඩක් වෙලාවට කරේ කොම්පියුටර් ගේම්ස් ගහපු එකයි. "ඒජ් ඔෆ් එම්පයර්", "හැරී පොටර්", "නීඩ් ෆෝ ස්පීඩ්", "හාෆ් ලයිෆ්" තමයි ගොඩක් ප්රෙසිද්ධ ඒ කාලෙ. ඒ වගේ ගේම් එකක් ගහලා ඉවර කරනව කියන්නෙ හරි නම්බුවක් වගේ තමයි තිබුනේ. මොකද අපි කට්ටියගෙන් ගොඩක් දෙනා කොම්පියුටර් පිස්සෝ හින්දා.

සම්පත්ලගෙ ගෙදර අම්මයි තාත්තයි විතරයි ඉන්නේ. එයාට අක්කලා දෙන්නකුත් ඉදලා තියෙනවා. එයාල බැඳලා දැන් පිට තැන් වලයි ඉන්නේ. උන්ගේ ගෙදර ඉතින් සිද්ධ වෙන ආරවුල් එහෙම අපිත් එක්ක කිව්වා ඒ දවස් වල. කිය කියා කරපු එකම දේ ඉතින් හූල්ල හූල්ලා හිටපු එක තමයි. මොකද එයාට එයාගෙ තාත්තා නිසා ගොඩක් කරදර සිද්ධ වුනා කියල කිව්වා. ඇත්තෙන්ම කියනවා නම් අපේ කෝණයෙන් බැලුවොත් ඒවා කරදර නෙවේ. නිකන් මනස්ගාත විතරයි.

සිහින මංසල | Part 5

හැබැයි එකම එක අවුලක් වුනේ අපිත් එක්ක හොඳ බොක්ක තියන් හිටි අමල් සාමන්යය පෙළ සමත් වුනේ නෑ. අඩු තරමින් උසස් පෙළ කර ගන්න තරම්වත් සුදුසු නැති ගානටයි තිබුණේ. ඒ දවස් වල ඉතින් අපි හැමෝම ඌට කීවා මහන්සි වෙලා පාඩම් කරපන් කියලා. ඒත් උගේ වැඩි උනන්දුවක් තිබුනෙ නෑ කැමැත්තකින් ඉගෙනීම් වැඩ ටික එක දිගට කරගෙන යන එකට.

හැබැයි ඉගෙන ගැනිල්ල කෙසේ වෙතත් පොර හොඳ නැට්ටුක්කාරයා. සාමාන්යන පෙළට කරේ නැටුම්. ඒක නම් පාස්. පොරට කන්න බොන්න ඕනෙත් නෑ නටන්න තියෙනවා නම්. හැබැයි දැන් පොර හොඳ රස්සාවක් නම් කරනවා. ඒ ගැන ඉතින් එකට හිටි යාලුවෙක් හැටියට මට සතුටුයි. පොර හෙදවරයෙක් වෙන්න ඉගෙන ගන්නවා. දැන් තවත් ඒ සම්බන්ධයෙන් ඉස්සරහට ඉගෙන ගන්න ගමන්ම ප්ර්සිද්ධ රෝහලක වැඩත් කරනවා. උගේ කරුමෙටද මන්දා දැන් කෙල්ලෙක් ඉන්නවා දාල නොයන. කෙල්ලගේ කරුමෙද දන්නෙත් නෑ.

සාමන්යක පෙළ ප්ර්තිඵල ආව දවස් වල ඉතින් නිකන් මල ගෙයක් වගේ උගේ ගෙදර. අපිත් යනවා උගේ හිත සනසන්න.

"මම දැන් මොකද්ද කරන්නේ මහේශ්? මම දැන් කොහොමද ගෙදරට මූණ දෙන්නේ? මට නම් මැරෙන්න හිතෙනවා. 

ඕව ගණන් ගන්න එපා බං... අඩන් නැතුව හිටපන්. උබලගේ තාත්තත් ඔය ගැන දන්නේ නෑ නේද?

නෑ බං. දැන ගත්තොත් මාව එලවයි ගෙදරින්.

බලහන් බං උබට අපි ඒ දවස් වල කට කැඩෙනකම් කිව්වනෙ. ඒව ඇහුවා නම් අද මේ ටික වෙන්නේ නැහැ නෙ බං. උඹ විකාර තීරණ නම් ගන්න හදන්න එපා හරිද? ජීවිතේ නැති කර ගන්න තරම් දෙයක් වෙලා නැහැ නෙ. අනික මේක විභාගයක්."

අපිට තාමත් මතකයි ඒ දවස් වල අපි ඌට කියපුව, උගේ හිත සනසන්න කියපු වැල් වටාරම්. ඒත් දැන් ගිය දේ ගියා.

සාමාන්ය් පෙළ සාපෙ ඒ විදියට සතුටින් ඉවර වුණා කිව්වොත් හරි. ප්රමතිඵල එනකන් තිබුන මාස කීපයක නිවාඩුව තමයි එපාම කරපු හැබැයි ජීවිතේ එක්තරා සුන්දර කාලයක් කීවත් හරි. එක අතකින් එපාම වුනේ ගෙදරට වෙලා ඉන්න සිද්ධ වුණ නිසයි. කම්මැලි කමයි, තනියයි නිසා තමයි මේ ඔක්කොම දේවල්. ඉස්කෝලෙ ගියා නම් ඉතින් යාලුවෝ කට්ටියත් එක්ක සෙල්ලම් කරල ජොලියක් දාල ඉන්න තිබුණ නෙ.

සිහින මංසල | Part 4

ජනිදු කියන්නේ ඔය වගේ කුපාඩි කම් කරපු අපේම එකෙක් තමයි. මහේශයත් ඕකට හවුල්. ඔය ඩබල තමයි ඒ පන්ති වලදි හොදම යාලුවෝ වුනේ. මායි රුශානුයි හිටියේ මුන් ඩබලට ඉස්සරහ. ඉතින් ජොලියක් දාන්න ඕනෙ වුනාම කෙලින්ම අනික් පැත්ත හැරෙනවා.

ජනිදු දැන් ඉන්නේ පිට රට. වැඩි දුර ඉගෙනීමට ගිහින් වෛද්යන විද්යාය අංශයෙන්. ඒ කාලෙ නම් කම්පියුටර් පිස්සා. මහේශුයි, මායි, රුශානුත් තමයි වැඩියෙන්ම කම්පියුටර් වල වැඩ දැනන් හිටියේ අපේ කණ්ඩායමෙන්. ගොඩක් වෙලාවට කතා වුනේ අලුත්ම තාක්ෂණය සම්බන්ධ දේවල් තමා.

හිමාල් නම් ඉතින් මිරිස් කෝච්චියක් වගේ තමයි. කතා කරද්දි සූ ගානවා හුලන් යනවා වගේ. අර නිකන් වට්ටි අම්මලටත් එහා. ඒ දවස් වල නම් කෙට්ටුයි ටිකක් උසයි නිකන් ඉරටුවක් වගේ. කොයි වෙලෙත් ඉන්නේ පොත අතේ තියන්. ගිරා සන්දේශයේ නව ගත්කරු කීවත් වැරදි නෑ. කොච්චර ගිරවා දානවද කීවොත් ඉංග්රීකසි ප්රවශ්න පත්තරේ එක ලියුමක් ලියන්න තිබුන වෙලාවකදි මූ ලියපු එක අපේ ඉංග්රී සි අච්චු පොතේ තියෙන විදියටම ලියලා අපේ මිස්ට ඌරු ජුවල් නැගලයි තිබුනේ. මෙයා උසස් පෙළ දෙවෙනි වතාවට කරලා වෛද්යප විද්යාදලයට ඇතුල් වුණා.

ආ! හොදම කැරැක්ටර් එකක් තව පොඩ්ඩෙන් මග හැරෙනවා. ඒ කවුරුත් නෙවේ, දැන් ටිකකට කලින් කීව ඉංග්රී සි මිස්.

සාමාන්යට පෙළින් පස්සේ ආවෙ උසස් පෙළ. ඒක ඉතින් එහෙමනෙ වෙන්න ඕනි. නේද? කෝම නමුත් අපි එකට හිටි හැමෝම වගේ හිතුව වගේම ඉහලින්ම සාමන්යස පෙල විභාගෙ පාස් වුනා. අපේ ගෙදර අයට නම් හිතා ගන්නත් බෑ මං පාස් වුනා කීවම. මොකද මං වැඩිය පාඩම් කරනව එයාල නොදකින නිසා. මොනා නමුත් විභාගෙ තිබුන හැම දවසකම වගේත්, විභාගෙට කලිනුත් ටී.වී. එක නම් අනිවාර්යෙන්ම බැලුවා.

සමහර විට ඒක වෙන්න ඇති ගෙදර අයත් එහෙම හිතන්න ඇත්තේ. අනික තමයි මං හැම තිස්සෙම කොම්පියුටරේ එල්ලිලා නෙ හිටියෙ. ඔය වගේ සාමන්යම හේතු නිසා තමයි එයාල මාව සැක කරේ විභාගෙ අඩුවෙන් පාස් වේවි කියලා. 

හැබැයි, ඒ 8 කුයි, බී එකකුයි ගත්තා මම. බී එක අතිරේක විෂයකට තිබුන නිසා ප්රදධාන ටික ඉහලින්ම ගොඩ ගියා. ඒ ඉතින් පන්තියේ උගන්නපු ගුරුවරුන්ගේ හොඳ කම නිසාම තමයි. අනික තමයි මට හිටියෙ ඉගෙන ගන්න එළකිරි යාලුවො කීප දෙනෙක් වීම.

සිහින මංසල | Part 3

මහේශය කියපු විදි‍යට නම් මේකප් බේසමක්ම තමයි. රතු පාටට ලිප්ස්ටික් ගාන් එනවා ආයෙත් නෑ මල මෝහිණීම තමයි. අපි නම් ඒ දවස් වල හිතන් හිටියේ මෙයාට සීගිරි කාශ්යපගේ මාලිගවෙ බිතු සිතුවම් වලත් මෙයා ඉන්න ඇති කියලයි. අර ඒවයෙ මල් වට්ටියක් අරන් ඉන්නේ මෙයාද කොහෙද. ඒ තරමටම සීගිරි කාශ්යප මෙයාගෙ ලව් එක වෙලයි හිටියේ.

ඒ මිස් නිසා තමයි අපි සමාජ අධ්යයනය ගොඩ ගියේ මොක වුණත්. මරුවට උගන්නනවා මතක හිටින්න. එක එක පාඩම් වලට අපි ලවා පොඩි පොඩි පොත් පිංචවල් එහෙම හැදෙව්ව නිසා සිරාවටම පාඩම් මතක හිටියා. විශේෂෙන්ම කෙටි සටහන් ලිවිල්ල. අපේ විනෝදෙට අපි මිස්ට මෝහිණී කිව්වට කවුරුත්ම වගේ එයාට හුඟක් ආදරෙයි. ඔය නමත් අපේ සෙට් එකේම ගොඩ නගපු කාර්ඩ් එකක් තමයි.

මං ඉතින් මොන වැඩේ කරන්නත් උදව් ඉල්ල ගත්තේ මගේ එහා පැත්තේ හිටපු රුශාන්ගෙන් තමයි. අර මං කලින් කියපු සීගිරිය ගැන ලිපිය ලියද්දිත් අපි දෙන්නා තරගෙටම තමයි ඕක ලීවෙ වැඩිම පිටු ගාණක් කවුද ලියන්නේ බලන්න. 

ඒ පන්ති වලදි මගේ හොදම යාලුවා වගෙම කල්යාණ මිත්රනයා වුනේ රුශාන් තමයි. මට මුණ ගැහුණ හොදම පොරවල් කීප දෙනා අතර මෙයා මුලින්ම ඉන්න හේතු කීපයක්ම තියෙනවා. අනික් එක, මුගේ අනම් මනම් ශෝ නෑ. ගොඩාක් දක්ෂ මනුස්සයෙක්. ඒ වුනාට හරිම නිහතමානී පොරක්. එහෙම අය ලේසියෙන් හොයා ගන්න අමාරුයි. රුශාන් දැන් ජයවර්ධන පුර විශ්ව විද්යාමලයේ වෛද්යු පීඨයේ ඉගෙනීම් කරනව.

"සම්පත් සම්පත් මෙහෙ එනවකො පොඩි වැඩක් තියෙනවා කරන්න. ඕයි ඉතින් එනවකො තමුසෙගේ ශෝ නැතුව. ඇයි බන්? උබලට මාවම ඕනෙද කන්න? නෑ නෑ ඕයි. හිමාල්ට කියන නම දන්නවද උඹ? නෑ ඇයි මොකක් ද? උඹ හිමාල්ට ඌ පන්තියේ ඉන්න වෙලාවක හයියෙන් කැ ගහපන් 'ඇටමරියා, ඇටමරියා' කියලා. ඕක තමයි උගේ පෙට් නේම් එක. ඕකේ?"

ජනිදු මේ විදියට සම්පත්ට කියලා වැඩි වෙලාවක් ගියේ නෑ සම්පත්, "ඇටමරියා, ඇටමරියා, ඇටමරියා, හූ හූ හිමාල් ඇටමරියා, ඇටමරියා" මේ වගේ සොමියෙන් පිරුණ බයිටක් නම් ආයේ කවදාවත් වෙලා නෑ. පන්තියේ ඒ වෙලාවෙ හිටපු හැමෝම වගේ බක බක ගගා සම්පත්ට හිනා වුනා. ඉන්ටර්වල් එක වෙලාව නිසා හොදට ගියා. නැත්නම් එහා පැත්තේ තිබුන ස්ටාෆ් රූම් එකටත් ඇහෙන්න තිබ්බා. එදා ඉදන් සම්පතා ඔය සිද්ධිය නිසාම බයිට් වෙන්න ඇති අම්බානක්. සම්පතාට එදා ඉදන් ‘ඇටමරියා’ කියල කාර්ඩ් එකකුත් වැටුනා.

සිහින මංසල | Part 2

අනික් බුවා තඩියෙක්. නිකම්ම නිකන් තඩියෙක් නෙවේ තප්ප දෝරු ඌරු තඩියෙක්. මුගෙ නම සම්පත්. සම්පත් වුනාට වැඩිපුරම අසම්පත්මයි වුනේ. පොර හිටියෙ කිරිබත්ගොඩත් හද්ද වන්නියේ. මූත් දැන් විශ්ව විද්යාශලයේ. මාත් යන්න ආසාවෙන් හිටිය කොළඹ විශ්ව විද්යාවලය. දෙවෙනි පාර උසස් පෙළ කරලයි ගියේ. හැබැයි මාත් එහෙම කරා නම් මටත් යන්න තිබ්බා කියලා ඔයාල හිතයි. අපෝ එහෙම කළා නම් තිබ්බ ටිකත් වතුරෙ තමයි. මොකද ඉතින් ආයෙත් උත්සාහ කරන්න මට ආසාවක් තිබුනේ නෑ.

අපි තුන් දෙනා තමයි අවුරුදු 4ක් 5ක්ම වාගේ එකම පන්තියේ හිටියේ සාමාන්ය පෙළින් පස්සේ. සම්පතාව නම් මුණ ගැහුනේ ඉස්කෝලෙ අල්ලපු පන්තියේදියි. ඒ මොකද අපි ඒ දවස් වලදි වාණිජ්ය් හා ගිණුම් විශය කරන්න පන්ති මාරු කරනවා. ඒ කීවෙ පන්ති 2ක් එකට දාලයි උගන්නන්නේ. පන්ති දෙකේම ගොඩක් දෙනා මේක කළ නිසා ඒ වේලාවට ඉතින් එක මේසේ දෙන්නා ගානේ දාල වගේ තමයි ඉද ගත්තේ. කවුරු ඉගැන්නුවත් ඒ වෙලාවට අපි කරන කුපාඩි කම් විහිලු උගන්නන කෙනාට නොපෙනෙන අපි කරල පස්සේ මතක් කර කර හිනා වුනා. හිටපු ගුරුවරු බොහෝමයකටම පාහේ නම් හැදුවේ අපි කීවොත් හරි. ප්රාසිද්ධ වුන නමුත් තියෙනව. හැබැයි අපි අතරේ තමයි ඒව පාවිච්චි වුනේ ගොඩක්ම.

අහ්! තව එකෙක්ව අමතක වුනා. තාමත් අපෙ ඇගේ එල්ලිල ඉන්න කරුමයක් තමයි ඌත්. අපේ අනික් යාලුවා. ඌ නමින් අමල්. ඉන්නේ ඉස්කෝලෙ පිටිපස්සෙ. ඉස්කෝලෙන් පස්සෙ කට්ටිය නිතර ආ ගිය තැනක් තමයි මුගේ ගෙදර. ඉස්කෝලෙ නොකරපු පිස්සු වැඩ ටික ඔක්කොම වගේ කරේ මුගේ දිහා තමයි. අපේ රොත්තේ හැමෝම වගේ මෙහේ ඇවිත් ගිහින් ඇති. උගේ අම්මත් අපිත් එක්ක හොඳට කතා බහ කරලා හිටියා යාලුවෙක් වගේ. හැබැයි ගෙදර නම් නිකන් බූත බන්ගලාවක් වගෙයි. එක පාරක් ඕකට බූතයෙකුත් ආවද කොහෙද උගෙ පුන්චි කෙනෙක්ගෙ ඇගේ එල්ලිලා. හැබැයි අපි කරපු පිස්සු මොන්ගල් වැඩ වලට බූතයින්ටත් පිස්සන් කොටු යන්න සිද්ධ වෙන්න ඇති අනිවාර්යෙන්ම.

"ඕයි අන්න මෝහිණී එනවා. මාරයි නේද? නිකන් මේකප් කෝච්චියකට අහු වුන අල ගෙදියක් වගේ. අපේ රූප සුන්දරී. අවිත් ඔන්න පටන් ගනියි, ඔයගොල්ලො මැටි භරණි ඇදන් ආවද? කවුද සීගිරිය ගැන හොද ලිපි ලියන් ආවේ?" වරක මහේශ් කිව්වා මට මතකයි.

මේ මෝහිණී තමයි අපේ සාමන්ය පෙල පන්ති වලට ඉතිහාසයයි සමාජ අධ්යයනය ඉගැන්නුවේ. හැඩරුව ගැන කියනවා නම් සුදුයි, බඩ පේන්න සාරිය අදින, කොට මිස් කෙනෙක්. ටිකක් විතර මහතකුත් තියෙනවා. විශේෂ හැඩයක් නම් නෑ ඉතින්.

සිහින මංසල | Part 1

මම ශනිත්. මම ගැන කියනවා නම් ඉතින් මෙච්චරයි කියල කියන්න බෑ. මොකද මේ මගේම කතාව නොවෙන නිසා. ඒ මොක වුනත් මම මේ කියන්න යන කතාව අපි හැමෝටම වැදගත් වෙන්නත් පුලුවන්. මම ගැන කෙටියෙන් කියනවා නම් මම ඉගෙන ගත්තේ කොලඹ ප්රාධාන පාසලක. ඒ කාලෙ ගැන කියනවා නම් ඉතින් කියලා වැඩක් නෑ. මොකද ඒ තරම් සුන්දර කාලයක් ආයෙත් කොහෙන් කියල අපිට ලැබෙන්නද? ඒකට ඔයාලත් එකඟ වෙනවා ඇති අනිවාර්යෙන්ම.

මම මුලින්ම මේ පාසලට ආවෙ 5 වසර ශිෂ්යත්වෙ සමත් වෙලයි. එදා ඉදන් දක්ෂ ගුරු කැලකගෙන් ඉගෙන ගෙන සාමන්ය පෙල දක්වාම එන්න පුලුවන් කම ලැබුනා. එ අතරතුර කාලෙ නම් එච්චරම වැදගත් වුනේ නැත්තේ මුණ ගැහුන යාලුවොත් එක්ක මහා ලොකු විනෝදයක් නොතිබුන නිසා වෙන්න පුලුවන්. එත් 10 වසරට ආවට පස්සෙ තමයි හොදම යාලුවො කණ්ඩායම මට මුණ ගැහුනේ. ඒ ගැන නම් කියලා වැඩක් නෑ. මට මුණ ගැහුන දක්ෂම පොරවල් ටික මට හම්බුනේ මේ කාලෙදියි. ඒ කණ්ඩායමත් එක්ක තියෙන යාලුකම තාමත් එහෙමමයි.

කවුරු කොහොම උගත් වුනත්, නූනත් අපි හැමෝම වගේ සතුටෙන් විනෝදෙන්, හිටපු කාලෙ ගත කරා කරන්න පුලුවන් උපරිමයෙන්ම විහිලු කරල, සෙල්ලම් කරල. ඒ වගේමයි පන්තියට ආව ගොඩක් ගුරුවරුන්ගේ හිත දිනා ගත්තු කණ්ඩායම වුනේත් අපි කට්ටියම තමයි. ඒ කාලෙ මතක් වෙනකොටත් ආසාවෙ බෑ. දැන් ඉතින් සමහරු විශ්ව විද්යාරල වලට ගිහින් අපි එක්ක වැඩි කතාවකුත් නෑ. එත් ඒ අමතක වෙලා නම් නෙවේ. වැඩ වැඩි කමටයි.

බකට්, පන්දම් අල්ලන්න නම් අපේ කණ්ඩායමේ උපන් හපන් කම තිබ්බේ මහේශ්ටයි. පස්සේ කාලෙකදි මගේ හොදම යාලුවා වුනෙත් මහේශ්ම තමයි. කොහේ ගියත් බකට් එක පිටි පස්සෙන්ම එල්ලන් තමයි ඉස්කෝලෙ වටේම ගියේ. ඒ නිසා අපිට නම් ලේසියෙන් ගුරුවරුන්ගේ හිත් දිනා ගන්න අමාරු වුනා. අපි හිත් දින්නේ වැඩ පෙන්නලම තමයි. අපි හමෝම ඉතින් දක්ෂ කණ්ඩායමක් වගේ එකටම හිටි නිසාදෝ මන්දා අමුතුවෙන් බක්ට් අල්ලන්න උවමනාවක් තිබුනෙ නෑ.

මහේශ් ගැන කියනව නම් පොර පදිංචි වෙලා ඉන්නේ ගල්කිස්සේ. අපිත් එක්ක එකම පන්තියේ ඉගෙන ගෙන දැන් අපිට වඩා හොද තැනක ඉන්නවා. මිනිහ ගියේ මොරටු විශ්ව විද්යානලයේ තොරතුරු තාක්ෂණ පීඨයට. පොරත් එක්කම මාත් ඒකේ තෝරා ගැනීමේ විභාගයට ගියාට මගේ ලකුණු විතරක් නෙවේ z ලකුණුත් මදි වෙන්න ඇති ඉතින්. මක් කොරන්නද නේද?

සිහින මංසල | මුල් පිටුව

The Eye beyond the Eyes : Episode 1

It was a rainy day. Rain drops are so heavy which can even blow me away as it was spraying with a big power was hidden amongst each drop. Thunder cracks by shivering the whole city. The wind was seemed rough and so unkind.

I was on my way home from my class by my bicycle. The darkness was spread around the whole area giving me a feeling of the evening. But the time was 12 noon. There was nobody who didn't increase the pace where they were headed. While I was riding i stopped for a while and for that second I could hear a strange shaky noise came underneath my foot. But I didn't stay there thinking and kept riding without minding it. But as the time passes second by second, the sound changed into a vibration like an earthquake. I was a bit scared and thought that this would be a result of the thunder cracks.

I could not ride faster as the road was so slippery and stepped down from the bicycle and went for a shelter which was the "Pines' Wine Store". There I could see Mr. Brooks who's the owner of the store whose daughter was one of my classmates, and I kept my bicycle there where I could find safer than any other place. Later, I started to walk and sooner my walk turned into a run increasing the pace of my walk.

By around 12.20 p.m. I could reach home and changed my clothes after having a warm bath and came downstairs to have some snacks. I could notice my little sister Katie in the kitchen preparing a cup of coffee for me. She is a bit shorter than me, may be five feet and four inches in height having a blond hair with a smooth fair skin and two years younger to me as well. My parents have gone for shopping by the time I came home. So there was no other sound or voice except the stormy outside.

Well, I was still wondering what that noise was and where it was coming. I had no idea about it. Feel like going out and finding it by myself being a great hero, but it was just nonsense i felt after having such a feet shivering experience.

Time being I went to have a nap and it was 3 o'clock in the evening when I woke up. Again I took some snacks upstairs and I was about to start my assignments. "Damn!!!" it was a power failure as I turned on the light of my room. Every time I start doing some thing there is a barrier in forth of me. This too is like the same according to my philosophy. Besides I felt something unpleasant is going to happen in this stormy weather. I couldn't hear my parents' voices even by that time. My mind wend bad and was always persuading me to think negatively about something weird which might happen during that time.

Luckily it was the sound of our car. I was a bit happy but never knew why did they take this much to come back home. I rushed in the downstairs and then to the door to welcome them. But I didn't expect what I have seen with their arrival. It was not our car but my uncle's. He had accompanied my parents with him and their clothes were covered with mud and dirt. As they entered the house I couldn't believe the story they were narrating. They said that the 'High street road' to the "Boscow" was cracked and our car was stuck there. I was trying to believe this but in minutes I remembered the experience I had on my way home. I expressed about the noise and the vibration. However I have realized that what I have experienced that day was due to what my parents have explained.
"සිහින මංසල" කතාවෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත කතාවක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in this story, "Sihina Mansala" are fictitious and a creation.